gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පිටරට හංගපු ඩොලර් රාජසන්තක කරන්න අලුත් නීතියක්!

දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් සොරකම් කරන ලද හෝ අපරාධවලින් උපයාගෙන විදේශ රටවල සඟවා ඇති මුදල් නැවත මෙරටට ලබාගෙන රාජසන්තක කිරීමට හැකිවන නව නීතියක් පැනවීමට රජය තීන්දු කර ඇත.

ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් උපදෙස් අනුව මෙම නීතිය පැනවීමට රජය අපේක්ෂා කරන බව දැනටමත් මූල්‍ය අරමුදලට දැනුම් දී තිබේ.

2024 මාර්තු මාසය වනවිට මෙකී නව නීතිය කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට අධිකරණ අමාත්‍යවරයා ප්‍රතිඥා දී ඇති බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

දැනට ප්‍රකාශ වී ඇති වාර්තා අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක කළු මුදල් විශුද්ධිකරණය කිරීමට විවිධ රටවල ගිණුම්ගත කර හෝ ව්‍යාපෘතිවල ආයෝජනය කර ඇති දේශපාලකයන් හා පාතාල අපරාධකරුවන් ගැන තහවුරු නොකළ වාර්තා රජයට ලැබී තිබේ. පැනමා පත්‍රිකා, පැන්ඩෝරා පත්‍රිකා ආදිය මගින්ද මෙබඳු කළු සල්ලි ආයෝජකයන් ගැන තොරතුරු වාර්තා විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka