gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෞඛ්‍ය ඇමති කෙහෙළිය හොදටම කරයි.. රට පුරා රජයේ රෝහල් හිස් වෙයි… රෝගීන් ඇතුළත් වීම සියයට 40කින් අඩු වෙලා…

දිවයින පුරා බොහෝ ප්‍රධාන රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ පැමිණිම සියයට 40 කින් පමණ අඩු ඇති බව වාර්තා වේ.
මේ වන විට මෙම තත්වය මහනුවර පේරාදෙණිය කොළඹ කරාපිටිය රාගම වැනි රෝහල්වලද   දක්නට ලැබෙන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සහ එන්නත් පිළිබඳ ජනතාව බියක් දැක්වීම මත මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවට   අනුමාන කෙරේ.

පේරාදෙණිය රෝහලේ දී එන්නතක් අසාත්මික වීමෙන්    තරුණියක මිය යෑමත්,     නිර්වින්දන ඖෂධ හේතුවෙන්  රෝගීන් දෙදෙනෙකුගේ මරණ වාර්තා වීමත්  නිසා යම් පීඩනයකට ගොදුරු වූ    පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්නගෙන් ඇති වී තිබෙන මෙම තත්ත්වය පිළිබඳ විමසීමක් කළෙමු.

” ඇත්තෙන්ම මේ දවස් වන විට රෝගීන්ගේ යම් අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා. මේ සම්බන්ධයෙන් මට ප්‍රකාශ කළ හැක්කේ දිවයිනේ සෑම රෝහලකම ලබාදෙන ඖෂධ තමයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේදිත් ලබා දෙන්නේ. රෝහලට පැමිණෙන සෑම රෝගියෙකුම ඉතා හොඳින් රැකබලා ගැනීමටත් නිසි ප්‍රතිකාර ලබා දී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හරවා නැවත නිවෙස් කරා කියැවීමටත් අවශ්‍ය සියලුම පියවර කිසිදු වෙනසකින් තොරව අප ලබා දෙනවා.”
 
අප වෙත ලැබී ඇති කිසිදු ඖෂධයක් නොසැලකිල්ලෙන් භාවිතා නොකරන විශිෂ්ට කාර්ය මණ්ඩලයක් අප සතුව සිටින බව මම කියන්න කැමතියි.”

යම් රෝගී තත්ත්වයක් මත පෙර පරිදි රෝහල්ගතවී ප්‍රතිකාර ලබන්නට සිතෙන්නේ නම් කිසිදු බියක් සැකයකින් තොරව පැමිණෙන්න…  ඊට අදාළ ප්‍රතිකාර උපරිම තත්ත්වයෙන් ඔබට ලබා දෙනවා. දැනට ප්‍රතිකාර ලබන සෑම රෝගියෙකුගේම නිරෝගීය සෞඛ්‍යය උදෙසා සිදුකරනු ලබන ප්‍රතිකාර පිළිබඳ වගකීම අපි ගන්නවා.” රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka