gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ යන විදිහට රටේ මිනිස්සුන්ට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහපාරේ අරගලයකට යන්න වේවි - පැෆරල් කියයි

මේ රටේ ඉතිහාසයේ පළමුවතාවට  ඕනැම මැතිවරණයක් පැවැත්වීමට තින්දු ගැනිමේ බලය  තනි පුද්ගලයකු වටා කේන්ද්‍රගතවෙමින් ඇතැයි ද මේ යන ආකාරයට මහපාරේ අරගලයකින් මෙපිට ජනතා අයිතීන් දිනා ගැනීමට නොහැකි තැනකට සමාජය පත්වනු ඇතැයි ද  පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක  රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

ගාල්ලේ දී  ඊයේ  (22) පැවති මාධ්‍ය හමුවක් මතමින් විධායක අධ්‍යක්ෂවරයා  මේ බව සඳහන් කළේය.

හෙතෙම මෙසේද කිවේය.

“පාර්ලිමේන්තු මැතිවරණය මැතිවරණ කොමිසමට ප්‍රකාශ කරන්න පුළුවන්.  ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයාගේ චක්‍ර ලේඛනයකින් මුදල් නිකුත් කිරීම නතර කරන්න පුළුවන්. මැතිවරණයක් මැතිවරණ කොමිසමට ප්‍රකාශ කරන්න පුළුවන්. මුදල් ඇමතිවරයාට චක්‍ර ලේඛනයකින් මැතිවරණය  සඳහා මුදල් නිදහස් කිරිම නතර කරන්න පුළුවන්.

සියලුම මැතිවරණ මේ විදියට වෙන්න පුළුවන්. මේ රටේ සමස්ත  ප්‍රජාතන්ත්‍රවාදය, පුරවැසියාගේ ඡන්ද අයිතිය   මේ වනවිට රටේ විධායක ජනාධිපතිවරයා කියන තනිපුද්ගලයා  වටා කේන්ද්‍රගත වෙමින් වෙමින් තියෙනවා.
 
මේක ඉතා බරපතල හා කණගාටුදායක තත්වයක්. අපිට විශ්වාසයක් තියන්න බැහැ ජනාධිපතිවරණය පවා නියමිත කාලයට පවත්වාවි කියලා. පාර්ලිමේන්තුවත් නියමිත කාලයට පත්වාවි කියලා. අනාගතයේ දි පාර්ලිමේන්තුවට පනතක් ගෙනවිත් එම පනත අඩක්  ක්‍රියාත්මක කරලා  පළාත් සභාවට කරපු දෙම කරලා අත්හැර  දැමුවහොත්  මේ රටේ මැතිවරණ පවත්වන්න බැරිවේවි. මැතිවරණ කොමිසමට කිසිවක් කරන්න බැරිවේවි.

මේ රටේ ව්‍යවස්ථාදායකය දේශපාලන නායකයින්ගේ අවශ්‍යතාවය මත අවභාවිතා වෙමින් තියෙනවා. තමන්ගේ දේශපාලන බලව්‍යුහයට අනුව පාර්ලිමේන්තුව මෙහෙයවෙමින් තියෙනවා. එවැනි ආකාරයේ මැතිවරණ සංශෝධනයක් බාගෙට කරලා  අතරමං කළහොත්  මේ රටේ පුරවැසියන් වන අපිට මහපාරේ අරගලයෙන් මෙපිට කිසිවක් කිරීමට බැරිවෙනවා.

රජයට වාසිසහගත මැතිවරණය එනතෙක්  මැතිවරණ සිතියම හැකිලිමේ ක්‍රියාවලියක තමයි නිරතවෙලා ඉන්නේ.  මැතිවරණ සිතියම අනුව මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්විමේ වටපිටාවක් නැහැ. ස්වාධික කොමිසම් සභා නාමිකව පත්කරලා වැඩක් නැහැ. කොමිසම් සභාවට ස්වාධීනව ක්‍රියාත්මක කිරිමේ වටපිටාවක් නිර්මාණය  කරලා දෙන්න  පාලකයින් සමත්වෙලා නැහැ.

ව්‍යවස්ථාදායකය  සමත්වෙන්නේ නැහැ ඔවුන්ට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරිමට. මුල්‍ය ස්වාධීනත්වය  ලබාදෙන්නේ නැතිව කොමිසම් සභා සාර්ථකව  ක්‍රියාත්මක කිරිමට  හැකියාවක් නෑ

ලලිත් චාමින්ද


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka