ජූලි 18 වැනිදා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් කැඳවා කළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා උත්සාහ දරා ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඇති නඩුවට යම් බලපෑම්ක් කිරීමට බව වාර්තා වේ.
මැතිවරණ කොමිසම සඳහා මේ වන විට පත්කර ඇති සාමාජිකයන් තිදෙනා ජනාධිපතිවරයා සාකච්ඡාවක් සඳහා කැඳවූවද එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සමග පමණක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොමිසමේ සාමාජිකයන්ට ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමග සාකච්ඡා කරන ලෙස යොමුකර ඇති බව දැනගන්නට ඇත.
එම අවස්ථාවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකත් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන සිට ඇති අතර, එහිදී ඔවුන් විමසා ඇත්තේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඇති නඩු පිළිබඳවය.
මැතිවරණ කොමිසම වෙනුවෙන් එම නඩුවලට නීතිපති දෙපාර්තමේන්තුවට පෙනීසිටිය හැකි බව එහිදී ප්‍රකාශ වී ඇති අතර, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් එකඟතා පිළිතුරක් ලබාදී නැත. දැන් නැවත මැතිවරණ පැවැත්විය යුතුය යන ස්ථාවරයේ සිටින මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටීමේදී ළැදියාවන් අතර ගැටුමක් ඇති වන්නේ නැද්දැයි මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇතැයි ද වාර්තා වේ.
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ ආකාරයට නොපැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අධිකරණ ක්‍රියාමාර්ග ගත් අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව රජයේ මැතිවරණ නොපැවැත්වීමේ ස්ථාවරය වෙනුවෙන් පෙනීසිටීම නිසා මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටීමට නොහැකි බව දන්වා තිබිණි. ඒ අනුව එම අධිකරණ කටයුතුවලදී එම කොමිසම වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් යොදාගත්තේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිසමේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේ නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනීසිටිමින් එම කොමිසමද රජයේ මැතිවරණ නොපැවැත්වීමේ ස්ථාවරයට ගෙන යෑමට එම සාකච්ඡා පැවැත්වී ඇති බවත්, ඉදිරි ජනාධිපතිවරණයකට යන වියදම කීයක්ද යන්න විමසීම වැනි කරුණු ඇත්ත කැඳවීම වසන් කිරීමට යොදාගත් එකක් බවත්ය.
එම අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අලුත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ද පෙර ස්ථාවරයේම සිටින බව ඔහු පැවැසීය.
-අනිද්දා