gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරගල නායකයන්ට රට සල්ලි ලැබුණු හැටි සොයයි

ගාලු මුව‍ෙදාර අරගලයට නායකත්වය ලබාදුන් පුද්ගලයන් රැසකගේ බැංකු ගිණුම්වලට විදේශයන්ගෙන් මුදල් ලැබී තිබේ දැයි මේ වන විට ආරක්ෂක අංශ විමර්ශනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (ජූලි 9) පැවසීය.

එම ගිණුම්වලට මුදල් ලැබී තිබෙන ආකාරය පිළිබඳව දැනට තොරතුරු ලැබී තිබෙන බව ත් ඒ අනුව අරගලයට නායකත්වය දුන් අයට ඩොලර් ලැබුණු ආකාරය පිළිබඳව ඉදිරියේදී ඉතා වැදගත් හෙළිදරව්වක් සිදුවනු ඇති බව ත් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

දෙමළ ඩයස්පෝරාව ඇතුළු විදේශීය රටවල් හා තානාපති කාර්යාල මෙම අරගලකරුවන්ට මුදල් ලබා දී තිබෙන බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මේ බව කීය.

අරගලයට සම්බන්ධ වූ රාජාංගණයේ සද්ධාරතන හිමියන්ගේ ගිණුම්වලට ගෝතමාලාවෙන් රුපියල් කෝටි 4ක් සහිතව රුපියල් කෝටි 10ක් මුදල් ලැබී ඇතැයි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා ගල්වල සිරිධම්ම හිමියන්ගේ ගිණුම්වලට මුදල් ලැබී ඇති ආකාරය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බව ද සඳහන් කළේ ය.

එසේ ම, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවෙස ගිනි තැබීමට සම්බන්ධ බවට අත්අඩංගුවටගෙන ඇති තරුණයෙකුගේ බැංකු ගිණුම්වලට විදේශයන්ගෙන් ඩොලර් ලැබී ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

නිවාස ගිනි තැබීම්වලට ලක්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වන්දි ලබා දීමට ලිපිගොනු සකස් කරමින් තිබෙන බව ත්, මේ දක්වා එක් මන්ත්‍රීවරයකුට පමණක් රුපියල් ලක්ෂ 8ක් ලබා දී තිබෙන බව ත් මන්ත්‍රීවරයා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka