gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සසුන නසන හිමිවරුන්ට විනය පියවරක්වත් ගන්න බැරි අධිකරණ සංඝනායක කම් මොකට ද? ඔය හිමිවරු පදවි අත්හළ යුතුයි

ශාසනය වනසන භික්ෂුන්ට එරෙහිව විනය පියවරක්වත් ගන්න බැරි මෙරට බුරුතු පිටින් සිටින අධිකරණ සංඝනායක හිමිවරු වහාම පදවි අත්හළ යුතුයැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ පවසති. එසේම බෝමිරියේ සිදුවීමට අදාළ භික්ෂුව කුමන නිකායක කුමන පාර්ශවයකදැයි කියා සොයා බලා ශාසනයට කැළලක් ඇතිකළ එම හිමියන්ට එරෙහිව පියවර ගැනිමට අදාළ සංඝ පාර්ශවයට බලකළ යුතුයැයිද උන් වහන්සේ පවසති.
අපේ රටේ හැම නිකාය හා පාර්ශවයකින්ම පත්කළ අධිකරණ සංඝනායක පදවි දරණ හිමිවරුන් රොතු පිටින් සිටියත් උන් වහන්සේලාට අඩුම තරමේ සාම විනිසුරු පදවියකින්  කළ හැකි දෙයක්වත් කළ නොහැකි බවත් උන් වහන්සේ කියති.

උත්සව වලදි අලංකාර ලෙස කියවීමට හා උන් වහන්සේලා අපවත්වු පසු බැනර් ගැසීමට පමණක් මෙම සංඝනායක පදවි යොදාගන්නා බවත් වනවාසි රාහුල හිමියෝ පවසති.

පසුගිය කාලය පුරාම සසුන කෙළසන ක්‍රියා අනන්තවත් සිදුවුණත් මහනායක හිමිවරුන් තවත් නිදිකිරා වැටෙමින් සිටින බවත් අඩුම තරමේ වචනයක්වත් ඒ ගැන නොදොඩා සිටීම පුදුම සහගත ලෙස කනගාටුවට කරුණක් බවත් රාහුල හිමියෝ කියති.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka