පසුගිය බ්‍රහස්පතින්දා (29) පැවැති පාර්ලිමේන්තුවේ මුදල් කමිටු රැස්වීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අදහස් දැක්වීම තහනම් කරමින් නියෝගයක් පැනවීමට එහි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පියවර ගත්හ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම මුදල් කමිටු රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගි වී සිටි අතර, විපක්ෂ නායකවරයා එහිදී සැලසුම් කර තිබුණේ ආණ්ඩුවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා සේවක අර්ථසාධක අරමුදල්වලට සිදුවන හානිය පිළිබඳ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩිව ප්‍රශ්න කොට, ඊට විරෝධය පළකිරීමටය.
මේ බව කල් තියාම වටහාගෙන සිටි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මෙහිදී විපක්ෂ නායකවරයාගේ පැමිණීමට එරෙහිව දැඩි ලෙස විරෝධය පළකිරීමට පියවර ගෙන තිබිණි.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නිමල් ලන්සා සහ සුරේන් රාඝවන් යන මහත්වරුන් පෙන්වා දී තිබුණේ විපක්ෂ නායකවරයා මුදල් කමිටුවේ සාමාජිකයකු නොවන බැවින් ඔහුට එම කමිටුවේ අසුන්ගත නොහැකි යැයි කියාය.
නමුත් ඊට විරෝධය පළකොට තිබූ විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩිව කියා තිබුණේ විපක්ෂ නායකවරයාට නිල බලයෙන් ඕනෑම කමිටුවක අසුන්ගත හැකි බවත්, මීට පෙරද එවැනි උදාහරණ ඕනෑ තරම් ඇති බවත්ය.
නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරද්දී අවසානයේදී කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතා සඳහන් කොට තිබුණේ එසේ නම් ඡන්ද විමසීමක් පවත්වා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගතයුතු යැයි කියාය.
ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂ නායකවරයා කමිටුවට සහභාගි වී අදහස් ප්‍රකාශ කිරීමට එරෙහිව ඡන්ද 10කුත්, කමිටුවට සහභාගි වී අදහස් ප්‍රකාශ කිරීමට පක්ෂව ඡන්ද 06කුත් ලැබී තිබිණි. එක් මන්ත්‍රීවරයකු පමණක් ඡන්දය දීමෙන් වැළකී සිටි ආකාරයක් දැකගත හැකි විය.
මෙසේ විපක්ෂ නායකවරයාගේ පැමිණීමට සහ අදහස් දැක්වීමට විරෝධය පළකරමින් ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 10 දෙනා වන්නේ, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සුරේන් රාඝවන්, සීතා අරඹේපොල, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වජිර අබේවර්ධන, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, අනූප පැස්කුවල්, මධුර විතානගේ යන මැති ඇමැතිවරුන්ය.
විපක්ෂ නායකවරයාට පක්ෂව ඡන්දය භාවිත කොට තිබුණේ රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්තිරන්, ආචාර්ය නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, හර්ෂණ රාජකරුණා සහ කාවින්ද ජයවර්ධන යන මන්ත්‍රීවරුන්ය.
පාඨලී චම්පික රණවක මහතා ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටි ෂෙහාන් සේමසිංහ මහතාද ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා මුදල් කමිටුවට නිරීක්ෂකයකු වශයෙන් සහභාගි වුවද, අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි ආකාරයක් ද දැකගත හැකි විය.