දකුණු පළාතේ තැන තැන මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් සිදුකළ නාඳුනන තුවක්කුකරුවන් එස්.ටී.එෆ්. මෙහෙයුම් ඇරැඹීමත් සමග මැරුම් කෑමට ඇති බිය නිසා දකුණු පළාතෙන් කොළඹට පැනගොස් ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් කීය.
එස්.ටී.එෆ්. සේනාංක දකුණු පළාතේ ස්ථාපනය කිරීමත් සමග එස්.ටී.එෆ්. ප්රහාර එල්ල වෙතැයි බියෙන් මොවුන් කොළඹට පැනගොස් ඇති බව එම නිලධාරියා සඳහන් කරයි.
මෙම තුවක්කුකරුවන් මෙහෙයවන විදේශ රටවල සිටින සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මොවුන්ට එම ප්රදේශවලින් පැන යන ලෙසට දෙන ලද උපදෙස් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මගින් අනාවරණය කරගෙන තිබේ.
එස්.ටී.එෆ්. නිලධාරීන් 400ක් පමණ ඇල්පිටිය සහ මාතර පොලිස් කොට්ඨාසවල පාතාල තුවක්කුකරුවන් සොයා මෙහෙයුම් අරඹා ඇති අතර ඔවුන් අවි ආයුධ සන්නද්ධව සැකකටයුතු පුද්ගලයන්ගේ නිවෙස් සහ ඔවුන් රැඳී සිටින ස්ථාන සෝදිසි කිරීමත් සමග මෙම තුවක්කුකරුවන් සහ ඔවුන්ට ආධාර අනුබල දුන්නවුන් මෙසේ කොළඹට පළා ගොස් ඇතැයි වාර්තා වේ.