gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

SJB මන්ත‍්‍රීවරුන්ට ජනාධිපතිගෙන් බාර් ලයිසන්..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත්පැන් අලෙවි බලපත්‍ර ලබාගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කරයි.තමන් මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇතැයි ද ඇය පැවසුවාය.

සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමග සමාජශාලාවල මත්පැන් පානය කරන බවත් එය තහවුරු කර කළ හැකි පින්තූර පවා තමන් සතුව ඇති බවත් ඇය කියා සිටී.

මේ අයගේ නම් ගම් හෙළිදරව් කර උඩ බලාගෙන කෙළ ගැසිය නොහැකි බවද පවසන ඇය මෙම කණ්ඩායම් දෙපැත්තේම කකුල තබාගෙන අවස්ථාවාදී ලෙස කටයුතු කරන බවද කියා සිටියාය.

ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කරන ලදී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka