gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දික්කසාදය ඊසි කිරීමට යයි!

විවාහය තවදුරටත් අවශ්‍ය නොමැති පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම සිය කැමැත්ත පරිදි දික්කසාද වීමට හැකි වන අයුරින් නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ.විවිධ හේතූන් මත විවාහකයන්ට දික්කසාද වීමට අවශ්‍ය වුවත් වර්තමානයේ පවතින දික්කසාද නීතියේ සංකීර්ණතාවය හේතුවෙන් දික්කසාදය ලබා ගැනීමට බොහෝ අය මැළිකමක් දක්වන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටී.

දික්කසාද නීතිය කඩිනමින් සංශෝධනය කිරීමට ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කර තිබේ.

“අධිකරණයක් මගින් දික්කසාදය ලබා දීමේදී සලකා බලන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. අනාචාරය, ද්වේෂ සහගත ලෙස අතහැර යාම සහ විවාහ වන අවස්ථාවේදී ලිංගික බෙලහීනත්වය එම කරුණු තුනයි. විශේෂයෙන් මෙහිදී අනාචාරය වැනි දෙයක් අධිකරණය හමුවේ ඔප්පු කිරීමට යෑමේදී ඇතැම් අවස්ථාවලදී දීර්ඝ කාලයක් ගත වෙනවා. දැනට පවතින නීතියට අනුව දික්කසාද වීම ඉතා සංකීර්ණ සහ කාලය ගත වන ක්‍රියාවලියක් වන හෙයින්, දික්කසාද නීතිය සංශෝධනය කරනවා’’ යැයි අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සඳහන් කළේය.

‘‘දික්කසාද නීතියේ සංශෝධනයට අනුව විවාහක දෙපළට දෙන්නට දෙන්නා අවශ්‍ය නැතිනම් හෝ දාලා ගියා නම් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට හැකි වෙනවා. එමෙන්ම දෙපාර්ශ්වයේම විවිධ සබඳතා නොගැළපීම්, පිළිබඳවද මෙහිදී සලකා බලනවා. නොයෙකුත් හේතූන් මත දික්කසාද වීමට අවශ්‍ය විවාහකයන්ට සිය කැමැත්තෙන් දික්කසාද ලබා ගැනීමට හැකි වන අයුරින් නීති සකස් කරනවා’‘ යැයිද අධිකරණ ඇමැතිවරයා සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka