gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ලෝකේ වටේ යන ජය ශ්‍රී ‘රුවිතේ’ එක්ක!

ජය ශ්‍රී, ලංකාවෙන් ජාත්‍යන්තරයට ගියපු සංගීත කණ්ඩායමක්. රෝහිත හා රොහාන් අයියා මලෝ ජය ශ්‍රී කණ්ඩායමේ පෙර ගමන්කරුවෝ වෙනවා. මේ දෙන්නා පහුගිය දවසක මෙරට මාධ්‍ය නාලිකා කීපයකටම අදහස් දක්වන අතරේ කියලා තිබුණේ අලුත් ඩයමන්ඩ් වැඩක් එක්ක මෙයාලව දකින්න හැකි වෙන බවයි. 
ඩයමන්ඩ් ගැන කිව්ව නිසා ජය ශ්‍රී ලා අලුත් දියමන්ති බිස්නස් එකකට අතගහල ද නැත්නම් රෙස්ටොරන්ට් චේන් එකක් ද ඉන්ටර්නැෂනල් ට්‍රැවල් ඒජන්සි එකක් ද කියන අදහසත් ගොඩ දෙනෙක්ගේ හිතට නැගුණා. ඒ ගැන ජය ශ්‍රී ලගේ ෆේස්බුක් පේජ් එකෙත් ඔවුන් විමසලා තිබුණා.

කොහොම වුණත්, මේ ගැන ඇත්ත ජය ශ්‍රී ලම හෙළිදරව් කළා. ඔවුන්ගේ අලුත්ම ගීතය ‘රුවිතේ’. ඒ ගැන ජය ශ්‍රී රෝහිත කිව්වේ,

‘අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.

ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්.‘ ලෙසයි.

ජය ශ්‍රී ගයන මේ අලුත්ම ගීතය ‘රුවිතේ’ සමගින් මේ සිකුරාදා හවස 5ට ජය ශ්‍රී යූ ටියුබ් චැනල් එකට එකතුවෙන ලෙස ඔවුන්ට ඇළුම් කරන රසිකයින්ට ආරාධනා කරනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka