උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතැම් දේශපාලකයින් සහ ඉතිහාසඥයින් ශ්‍රී ලංකාවේ සැබෑ ඉතිහාසය විකෘති කරමින් සිටින බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කරන්නේ උතුරේ ජනාවාසකරණය පිළිබඳ පවා ජාතිවාදී ලෙස අදහස් පල කරන බවය.
ක්‍රි.පූ. 12වන සියවසෙන් පසු උතුරේ දමිළ ජනාවාස ඇති වී තිබෙන බවත් එම කරුණු විකෘති කරමින් එය ක්‍රි.පු. 08 වන සියවස දක්වා පැරණි බව දැක්වීමට ඇතැම් කණ්ඩායම් උත්සහ කිරීම කණගාටුදායක බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම ඇතැම් පුරා විද්‍යාත්මක කැණීම් වල ප්‍රතිඵල ජනතාවගෙන් වසන් කරන තත්වයන් ද මතුව ඇති බවද පෙන්වා දෙන හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ පොළොන්නරුව ශිව දේවාලයේ සිදුකළ කැණීම් වලදී ඊට යටින් පිහිටි බෞද්ධ වෙහෙර විහාරස්ථානයක නටබුන් මතු වූ බවයිග.
නමුත් මෙම කැණීම් වල ප්‍රතිඵල ජනතාවට අනාවරණ කිරීමට අදාළ බලධාරීන් කටයුතු කර නොමැති බවත් මෙවැනි සිදුවීම් පිටුපස දේශපාලන බලපෑම් තිබෙන්නට ඇතැයි තමා විශ්වාස කරන බව ද ඔහු සඳහන් කර තිබේ.