gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඇමතිකම් යදින පොහොට්ටු මන්ත්‍රීන්ගේ පවුල්වලට සැනසිලි තෑගි!

අමාත්‍ය ධූර බලාපොරොත්තුවෙන් සිටින පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරැ ඇතුළු විවිධ තනතුරු වාහන සහ වරප්‍රසාද ලබාදීමට තීරණය කර ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

ඒ අනුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පවුල්වල සාමාජිකයන්ට දැනටමත් එවැනි තනතුරු වාහන පිරිනමා ඇතැයිද සඳහන්ය.

ඇමතිධුර ලබා දීම ප්‍රමාද වෙමින් ඇති නිසා එම මන්ත්‍රීවරුන් සැනසීම හා ඔවුන් රජයට විරුද්ධව කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි ද සඳහන්ය.

පොදුජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රීවරුන් දස දෙනෙකුට ඇමතිධුර ලබා දෙන ලෙස එම පක්ෂය ජනාධිපතිවරයාගෙන් කලක් තිස්සේ ඉල්ලීම් කරමින් සිටී.

විවිධ හේතු මත ඇමතිධුර ලබා දීම ප්‍රමාද කිරීම නිසා එම මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව චෝදනා එල්ල වෙමින් පවතී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka