gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රෝසිගේ කාලේ නගරාධිපති නිවසට කෝටි 2ක් වියදම් කළ තාලේ හෙළිවෙලා!

කොළඹ නගරාධිපති නිල නිවෙසේ නඩත්තු වලට හිටපු පුරපති රෝසි සේනානායක මහත්මියගේ ධුර කාලය තුළදී පමණක් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර ඇතැයි හෙළිව තිබේ. සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරු අනුව මේ බව අනාවරණය වී තිබිණි.

හිටපු පුරපති රෝසි සේනානායක කොළඹ නගරාධිපතිනිය ලෙස සිටි වසර හතරක කාලය තුළ නිල නිවෙසේ නඩත්තු කටයුතු වෙනුවෙන් මෙලෙස රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වැය කර තිබේ.

නිල නිවෙසේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පමණක් රුපියල් හතළිස් හතර ලක්ෂ දෙදහස් හාරසීයක් ද, 2018 වර්ෂයේදී වැඩිදියුණු කිරීම් කටයුතු වෙනුවෙන් රුපියල් විසිදෙලක්ෂ අනූතුන්දහස් හත්සීයක්ද වැය වී ඇත.

නගරාධිපති නිල නිවෙස වටා ඇති තාප්පයේ උස වැඩි කිරීම හා අලුත්වැඩියා කිරීම වෙනුවෙන් 2019 වර්ෂයේදී රුපියල් දහසය ලක්ෂ දහසය දහසක් වැය කර ඇත.

2019 වර්ෂයේදී ගෘහ භාණ්ඩ වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක්ද, 2020 වර්ෂයේදී රුපියල් තිස් නවලක්ෂ අසූ දෙදහසක් ද 2021 වර්ෂයේදී දාහතර ලක්ෂ අසූහත්දහසක්ද වැය කර තිබේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka