රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ රට ආර්ථික වශයෙන් යම් ස්ථාවරයකට පැමිණ ඇති බවත්, ආණ්ඩුවේ යහපත් දේ සියල්ල ජනතාව වෙත ගෙන යාමට සහාය දැක්වීම පොදු පෙරමුණේ වගකීම බවත් පවසන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුව ගිනි තැබීමට පැමිණි පුද්ගලයින්ගෙන් කටඋත්තරයක්වත් ලබා ගැනීමට නොහැකිවීම ගැන කණගාටුවන බවද ප්‍රකාශ කර තිබේ.
ඔහු පසුගිය 08 වෙනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වන ලද රැස්වීමකදී මෙම කරුණු සඳහන් කළේ යැයි අද (10) නිකුත් කරන ලද දිනමිණ පුවත්පතේ සඳහන් කර තිබේ. “ආණ්ඩුවේ යහපත් දේ ජනතාව වෙත ගෙන යෑමට අපේ පූර්ණ සහාය” යන සිරස්තලයෙන් අදාළ ප්‍රවෘත්තිය වාර්තා කර ඇත.
එහි විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුව ගිනි තැබීමට පිරිසක් පැමිණි බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබීම ය. මේ බව සඳහන් ඡේදය උපුටා ගෙන පහත දැක්වේ.
“මගේ නිවසේ ඇති කළ බල්ලා සොරකම් කර ගෙන ගිය පුද්ගලයාත් හිරේ ගියා. පාර්ලිමේන්තුව ගිනි තැබීමට ආ පුද්ගලයන්ගෙන් අඩු තරමේ කටඋත්තරයක්වත් ගැනීමට නොහැකිවීම පිළිබඳව කණගාටු වෙනවා.”