gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනපතිගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් 05 කට අත්සන් තැබේ! 21 වැනිදා දිවයිනෙන් පිටත්ව යන දූත පිරිසට ජීවන් තොණ්ඩමනුත්!

ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට බලපාන ගිවිසුම් පහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

පූනර්ජනනීය බලශක්තියට, දෙරට අතර මුහුද යටින් තෙල් නල එළීම හා විදුලිය කේබල් එලීමට, ත්‍රිකුණාමලේ ප්‍රදේශය ආශ්‍රිතව ආර්ථික කලාපයක් ඇති කිරීමට, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදි සෘජුවම ඉන්දීය රජය මගින් එය මිලදී ගැනීමට සහ කිරි නිෂ්පාදනයට අදාළව එම ගිවිසුම් අත්සන් තැබෙනු ඇති බව සඳහන්.

එම ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 21 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‌ගේ සංචාරය සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ද එක්වීමට නියමිතයි.
 
ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ ජාතික ආරක්ෂක උපදේශකවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka