හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතර ගොඩනැගී තිබූ දේශපාලනය එකගතාවය බිඳ වැටී ඇති බව වාර්තා වේ. කුමාර වෙල්ගම මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ පසු නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් පක්ෂයක් බිහි කළ අතර ඊට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එක් වීමෙන් පසු එහි තනතුරක්ද ලබා දී තිබිණි.
නමුත් මෑත කාලයේ දී වෙල්ගම මහතා හා ඇය අතර ඇති වූ යම් යම් මතභේදාත්මක තත්ත්වයන් මත ඇය එම පක්ෂයෙන් ඉවත් වීමට කටයුතු කර තිබේ.
හිටපු ජනාධිපතිනිය මේ වන විට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වෙයි.
නමුත් මෑත කාලයේ දී වෙල්ගම මහතා හා ඇය අතර ඇති වූ යම් යම් මතභේදාත්මක තත්ත්වයන් මත ඇය එම පක්ෂයෙන් ඉවත් වීමට කටයුතු කර තිබේ.
හිටපු ජනාධිපතිනිය මේ වන විට එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවද වාර්තා වෙයි.