ශ්‍රී ලංකාව වැනි රටවල්වලට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ උපකාරී නොවන බව නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු වන හොවාඩ් නිකලස් පවසා තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වාතාවරණය තුළ අදාළ රටවල් සමඟ ක්‍රීඩාවක නිරත වන බවයි ඔහු පවසා ඇත්තේ කොවිඩ් 19 අර්බුදයට මුහුණ දීම සඳහා අයවැය හිඟයක් පවත්වා ගත යුතු බව 2020 වසරේදී ලොව පුරා රටවලට පැවසූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම ඉන් වසර 02 කට පසුව එමගින් අවුල් ජාලයක් නිර්මාණය විය හැකි බවයි ආචාර්ය හොවාඩ් පවසා ඇත්තේ.
රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හැර රජය අන් කිසිවක් නොකරන බවත්, මෙවන් ක්‍රියාමාර්ග කිසිදු රටක ආර්ථික වර්ධනය සඳහා උපකාර නොවන බවත් ආචාර්ය හොවාඩ් නිකලස් පවසා තිබෙනවා.
ඔහු පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව සිය රාජ්‍ය පරිපාලන කටයුතුවල ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු බවට වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයේ යම් සත්‍යතාවක් තිබුණත්, එය රටේ ආර්ථික අර්බුදවලට පිළියමක් නොවන බවයි.
කෙසේ වෙතත් ආචාර්ය හොවාඩ් නිකලස් යෝජනා කර ඇත්තේ, ශ්‍රී ලංකාව අපනයනය ඉලක්ක කර ගත් කාර්මීකරණ මාවතකට ප්‍රවේශ විය යුතු බවයි.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අවනත වුව හොත් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇති බව අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ඇම්හර්ස්ට් විශ්වවිද්‍යාලයේ ආර්ථික පර්යේෂකයකු වන ඉන්දීය මහාචාර්ය සී.පී. චන්ද්‍රසේකර් පවසනවා.
ඔහු “ද හින්දු පුවත්පතට“ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ දේශීය ණය අඩුකර ගත යුතු බවට වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම අවසන් වනු ඇත්තේ, පුරවැසියන්ගේ විශ්‍රාමික අරමුදල්වල පවතින ඉතුරුම්වල වටිනාකම අඩු කිරීමෙන් පමණක් බවයි.
ශ්‍රී ලංකාවේ අර්බුදය පැන නගින්නේ විදේශීය ණය ගෙවීමට ඇති නොහැකියාවෙන් වන අතර, විදේශ සංචිත හිඟය විශාල ගැටලුවක් බව ද එම වාර්තාව පෙන්වා දෙනවා.
එහි දැක්වෙන්නේ, නීත්‍යනුකූල නොවන ආණ්ඩුවක් සහ අපකීර්තිමත් ප්‍රභූන් පිරිසක් එක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ පැවැති අර්බුදයට එකම පිළියම එය බව ප්‍රකාශ කරමින් බවයි.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අමෙරිකානු ඩොලර් මිලියන 03 ක ණය වැඩසටහනට අර්බුදයේ මූලාශ්‍රය වූ බාහිර ණය පමණක් නොව, දේශීය හා විදේශීය සියලු ණය අඩු කරන බවට ශ්‍රී ලංකා රජයේ කැපවීමක් ද ඇතුළත් බව ඉන්දීය මාධ්‍ය වාර්තාව පෙන්වා දෙනවා.
ඒ අනුව දේශීය ණය සහ විදේශීය ණය අතර ඇති පැහැදිලි වෙනස එහිදී නොසලකා හැර ඇති බවත් එහි සඳහන්.
එසේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය තීරණය කෙරුණේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහතිකය මත වූ නමුත්, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, පෞද්ගලික ණය හිමියන් වැනි බහු පාර්ශ්වික ණය හිමියන් ද රජයේ ණයවලින් සැලකිය යුතු කොටසක් දරන බැවින් ද්විපාර්ශ්වික සහයෝගය පමණක් අර්බුදය විසඳීමට ප්‍රමාණවත් නොවන අතර, එය ගැටලුව තවත් අවුල්සහගත කරන බව ද එමගින් පෙන්වා දී තිබෙනවා.
එක් අතකින්, තම ශ්‍රේණිගතකිරීම් පහළ යා හැකි බැවින් බහුපාර්ශ්වික සංවර්ධන බැංකු ඕනෑම ආකාරයේ ණය කපා හැරීමක් අනුමත නොකරනු ඇති බවත්, අනෙක් අතට පෞද්ගලික විදේශ ණය හිමියන් විශාල පාඩු ලබමින් ණය කපා හැරීම් නොකරනු ඇති බවත් එමගින් පුරෝකථනය කර තිබෙනවා.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුම මෙවන් ගැටලු විසඳීමට උපකාරී නොවන බවත්, සියලු දේශීය හා විදේශීය ණය වත්මන් අර්බුදයේ මූලාශ්‍රය බවට පත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇති බවත් වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.
මෙම තත්ත්වය මත රජයේ තිරසර නොවන දළ මූල්‍ය අවශ්‍යතා හෙවත් නව ණය ගැනීමේ අවශ්‍යතාව සහ වසර තුළ කල් පිරෙන ණය ඉදිරි වසරවලදී ගැටලුවක් බවට පත්වනු ඇතැයි ද එහි සඳහන්.