“මේක කපුටාගේ යෝජනාවක්.. කපුටාගේ ඒජන්තවරයා මේක කරන්නේ” පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්!
නගර සභා සංශෝධන පනත් කෙටුම්පත අද (05) දිනයේ පොදුජන පෙරමුණ මන්ත්‍රී ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. එම ඉදිරිපත් කිරීමත් සමග විපක්ෂ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සදහන් කළේ,
“ජයන්ත කැටගොඩ ගරු මන්ත්‍රීතුමා දැන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් මේ ඉවත් කරපු මන්ත්‍රීවරු නැවත ගේන්න කියලා පෞද්ගලික යෝජනාවක් ගේනවා. එහෙම කරන්න ව්‍යවස්ථාවේ කොහොමත් ඉඩක් නැහැ.”
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නියෝජිතයන් විසින් විසිරවපු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් නැවත බලයට ගෙන ඒමට යෝජනා කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බවත් අරගලයකින් එලවූ රාජපක්ෂවරුන්ගේ මෙවැනි යෝජනා හරහා පෙනී යන්නේ ඔවුන්ගේ අදහස් තවමත් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
තවද පළාත් පාලන මන්ත්‍රිවරුන්ගේ කාලවකවානුව අවසන් ව ඇති මොහොතක මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යන බවත් බලයක් නොමැති රාජපක්ෂවරුන්ගේ ඒජන්තවරුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තවදුරටත් සදහන් කළේ,
“බොහොම පැහැදිලියි රටේ නීතිය අනුව උත්තරීතර නීතිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. දැන් කපුටාගේ ඉල්ලීම මත යෝජනාවක් දාලා තියෙනවා විසිරෙච්ච පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන් ආපසු ගෙන්වන්න කියලා.. මේක කපුටාගේ යෝජනාවක්.. මේක කපුටාගේ ඒජන්තවරයා මේක කරන්නේ.”

2023-07-05T15:28:00+05:30
Lanka Hot News