gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුලිබිල ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්!

ජූනි මාසයේ සිදුකළ විදුලි මිල සංශෝධනයේදී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60 ප්‍රමාණයෙන් ලක්ෂ 35කට 55% මිල සහන සැලසීමට පියවර ගෙන ඇති බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසනවා. 
ඔහු සඳහන් කළේ, ආගමික ස්ථාන සහ කර්මාන්ත අංශයටද එම මිල සංශෝධනයේදී සහන සැලසී ඇති බවයි.

“අපිට පසුගිය වසරේ අගෝස්තු මාසයේ දීත් ඒ වගේම මේ වසරේ පෙබරවාරි මාසයේ දීත් විදුලිබිල දෙවතාවක් සංශෝධනය කරන්න සිද්ධවුණා. ජූලි මාසයේ 1 වනදා සිදුවුණ සංශෝධනයෙන් පසුව 5,995,765ක් පාරිභෝගිකයෝ ඉන්නවා ගෘහස්ත කාණ්ඩයේ ඒකක 0 – 30ත් අතර භාවිත කරන පාරිභෝගිකයින් සංඛ්‍යාව 1,744,448ක්. 0 -30 ත් අතර පාවිච්චි කරන තුනෙන් එකක් වන ගෘහස්ත කාණ්ඩයේ පිරිස් වෙනුවෙන් ජූලි මාසයේ 1 වනදා ඉඳලා සමස්ත විදුලිබිලෙන් 65%ක් විදුලිබිල අඩු කිරීමක් සිදුකරලා තියෙනවා. ඒකක 31 – 60ත් අතර භාවිත කරන පාරිභෝගිකයින් සංඛ්‍යාව ලක්ෂ 18ක්. 47%ක විදුලිබිල අඩුවීමක් තියෙනවා. අපේ ඉන්න විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60න් ලක්ෂ 35කට ආසන්න වශයෙන් 55%ක විදුලිබිල අඩුකිරීමක් ජුලි 1 සිට ක්‍රියාත්මක වෙනවා.”


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka