හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාසවල ජල – විදුලිය මෙන්ම දුරකථන ගාස්තු සඳහා මින් ඉදිරියට මුදල් වෙන් නොකිරීමට ජනාධිපති කාර්යාලය විසින් තීරණය කර ඇතයි වාර්තාවේ.
හිටපු ජනාධිපතිවරයකුගේ කාර්යමණ්ඩල ප්‍රධානියකු විසින් පසුගිය මාසයට අදාල බිල්පත් ජනාධිපති කාර්යාලය වෙත ඊයේ (24) පෙරවරුවේ ඉදිරිපත්කල අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව මින් ඉදිරියට අදාල බිල්පත් සඳහා ජනාධිපති කාර්යාලයෙන් මුදල් ගෙවීමට කටයුතු නොකරන බව සඳහන් කර තිබේ.
වාර්තාවන ආකාරයට හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද හා දීමනා පිළිබඳව ජනාධිපති කාර්යය විසින් පසුගියදා නීතිපතිවරයාගේ කරුණු විමසීමක් කර ඇත.
ඒ අනුව, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ට ලබාදිය යුතු වරප්‍රසාද හා දීමනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ලබාදී තිබු නඩු තීන්දුවකට අනුව, හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ රජයෙන් ලබාදී ඇති නිල නිවාස හා වාහන නඩත්තුව හා ඉන්දන දීමනාවක් පමණක් බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී ඇතැයි පැවසේ.
ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ගේ ජල -විදුලි – දුරකථන බිල්පත් පියවීමට නීතිමය ප්‍රතිපාදන නොමැතිබව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු තමාට දැන්වූ බව හිටපු ජනාධිපතිවරයකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියකු පැවසිය.