නවගමුව පත්තිනිවත්ත ප්‍රදේශයේ අසපුවක වැඩ විසූ භික්ෂූන් වහන්සේ නමක් තමන් වහන්සේ සඳහා ගත් චිතකයක් මත ගිනි තබාගෙන අපවත් වී තිබේ.
කඩුවෙල පොලිසිය සඳහන් කරන්නේ මෙසේ අපවත් වී ඇත්තේ කෝට්ටේ ධම්මානන්ද නැමැති අසූ එක් හැවිරිදි හිමිනමක් බවයි.
උන්වහන්සේ වසර දහ නවයක් තිස්සේ මෙම ස්ථානයේ වැඩවාසය කළ බවත් පොලීසිය කියා සිටියි.
මින් පෙර ද උන්වහන්සේ එම අසපුවේ චිතකයක් සාදා ගෙන සිට ඇති බවත් පසුගිය ජනවාරි මාසයේදී ආවාස ගෙය අසලම චිතකයක් ඉදිකරගෙන තිබී ඇතැයි ද ගිනි තබාගෙන ඇත්තේ එම චිතකය මත බවද පරීක්ෂණවලදී හෙළිව තිබේ.
තමන් වහන්සේ ඊයේ දින අපවත් වන බවට දිනපොතක සටහනක් තබා ඇතැයි පොලිසිය කියා සිටී.