gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ඉන්දියාව සමඟ ගනුදෙනු වලට ලංකාව අමෙරිකානු ඩොලරය අත්හරි!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත් වුණා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම නවදිල්ලි සංචාරයේදී, දෙරට අතර අන්තර් ජාතික ගනුදෙනු සඳහා ඇමෙරිකානු ඩොලරය වෙනුවට ඉන්දීය රුපියල භාවිත කිරීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට හෙට දිනයේ දී (21) බලාපොරොත්තු වන බව ඉන්දියානු ජනමාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය රුපියල අන්තර් ජාතික මුදල් ඒකකයක් ලෙස නම් කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර නිවේදනය කළා.

ඉන්දියානු රුපියල සමඟ ගනුදෙනු – RuPay කාඩ්පත සහ RuPay යාන්ත්‍රණය – ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කරනු තිබෙන බවයි වාර්තා වන්නේ.

හිරුණි විජේසිංහ


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka