gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වහාම ඡන්දෙකට ලෑස්ති වෙන්න... පොහොට්ටුව අතහරින්න - පොහොට්ටුවේ හිටපු පුංචි මන්ත්‍රීවරුන්ට ආණ්ඩුව විශේෂ පණිවුඩයක් යවයි!

ජනාධිපති ධුරයට පත්වීමෙන් හරියටම වසරකට පසු රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පළමු වතාවට ඉන්දියාව බලා පිටත්ව ගියේය. ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කෙරුණු මාධ්‍ය නිවේදනයේ සඳහන්ව තිබුණේ සිය ඉන්දියානු සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාත්, ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්දි මහත්මියත්, ඉන්දීය රජයේ ඉහළ පෙළේ මැති ඇමැතිවරුනුත් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූ බවකි. මෙම සාකච්ඡාවලදී විවිධ මාතෘකා සාකච්ඡා මේසයට ගැනෙණු ඇති බවක්ද මාධ්‍ය වාර්තා කොට තිබිණි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් දක්වමින් කියා තිබුණේ උතුරු නැගෙනහිර වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, උතුරු නැගෙනහිර ඇතුළුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ඉක්මන් කිරීම ආදිය මෙම සාකච්ඡා න්‍යායපත්‍රයේ ඉහළින්ම ඇති බවකි. පසුගිය දින කිහිපය පුරා දේශපාලන පිටියේ සිදුවූ යම් යම් සිදුවීම්ද ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පසුබිම් කොටගෙනම සිදුවූ බවක් දැකගන්නට ලැබුණේ ඒ හේතුව මතය.

ආණ්ඩුවෙන් පොහොට්ටුවේ පුංචි මන්ත්‍රීවරුන්ට පණිවුඩයක්!

මෙහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම අංක එකේ මාතෘකාවක් බවට පත්වන ලකුණු පහළ වුණේ පසුගිය සතිය ආරම්භයේ සිටම ආණ්ඩුවේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනකුම තමන්ගේ පළාත්වලට ගොස් පැවැත්වූ යම් යම් සාකච්ඡාවලදී හදිසි පළාත් සභා මැතිවරණයකට මුහුණ දීමට සූදානම් වන ලෙසට හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට කටයුතු කර තිබීමත් සමගය. ඒ අනුව මෙම නියෝජිතයන් පසුගිය සතිය ආරම්භයේදී තමන් නියෝජනය කරන පළාත්වලට ගොස් පොහොට්ටුව නියෝජනය කරන හිටපු ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන් කැඳවීමට පියවර ගෙන තිබිණි. එහිදීද සියලු හිටපු මන්ත්‍රීවරුන් නොකැඳවා තෝරාගත් මන්ත්‍රීවරුන් පමණක් එසේ කැඳවීමට ඔවුන් කටයුතු කර තිබීම විශේෂත්වයක් විය. ඒ අනුව පැවැති එක් රැස්වීමක හිටපු මන්ත්‍රීවරුන් 60ක පමණ පිරිසක් සිටි බව දැකගන්නට ලැබිණි. මෙහිදී ආණ්ඩුවේ ප්‍රබලයන් සියලු දෙනාම එම මන්ත්‍රීවරුන්ට කියා සිටියේ එකම එක කතාවකි. ඒ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් වහාම ඒ සඳහා සූදානම් වන ලෙසය. එමෙන්ම මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳවද මෙම ප්‍රබලයන් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුන්ට විශේෂ පණිවුඩයක් ලබාදීමටද පියවර ගෙන තිබිණි.

අලුත් සන්ධානයක් එනවා!

‘හදිසි පළාත් සභා මැතිවරණයක් තියන්න ආණ්ඩුව තීන්දු කරලා තියෙනවා. ඒ හින්දා ඒකට ලෑස්ති වෙන්න. ඒකට තරග කරන ආකාරය ගැනත් අපි ප්ලෑන් එකක් ගහලයි තියෙන්නේ. දැනටමත් පොහොට්ටුවේ මන්ත්‍රීවරු හැට දෙනෙක් විතර ජනාධිපතිතුමත් එක්ක අලුත් සන්ධානයක් හදන්න ලෑස්ති කරලයි තියෙන්නේ. සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා වගේ මැති ඇමැතිවරු හුඟ දෙනෙක් පොහොට්ටුවෙන් අයින් වෙලා ඒ අලුත් සන්ධානය හදන්න මේ දවස්වල වැඩ කරනවා. ඒ සන්ධානයෙන් තමයි පළාත් සභා මැතිවරණය ඉල්ලන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඕගොල්ලොත් ඒ සන්ධානයෙන් ඉල්ලන්න ලෑස්ති වෙන්න….’ යන්න එහිදී ආණ්ඩුවේ නියෝජිතයන් පොහොට්ටුවේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටි කාරණය විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka