gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අපේක්‍ෂකයන් ගැන තීන්දුව ගන්න සූදානම්! ආණ්ඩුව සමග විපක්‍ෂයත් එක්වෙයි!

දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තම පක්ෂයද එවැනි තීන්දුවක් ගතයුතු බවට වන ස්ථාවරයේ සිටින බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) –  ගරු කතානායකතුමනි, මේක සියළුම දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වලින් මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් මුහුණ දෙන ගැටළුවක්. පසුගිය කාලයේදී මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරන ලිපියක් අනුව ගරු අග්‍රාමාත්‍යතුමා කටයුතු කළා. අපි මේ ගැන අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමුකරල, නව මැතිවරණ කොමිසමත් දැනුවත් කරලා මේ ගැන කඩිනමින් තීන්දුවක් ගන්නවා. පක්ෂයක් විදියටත් අපි ඒ ස්ථාවරයේම ඉන්නවා.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස – ගරු කතානායකතුමනි, පාලාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දමනවා. මේ නිසා රාජ්‍ය සේවක කේෂ්ත්‍රෙය් අපේක්ෂකයන් බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. සමඟි ජන බලවේගය පක්ෂයෙන් රාජ්‍ය සේවකයන් 533 දෙනෙකු ඉදිරිපත් වුණා. එපමණක් නෙවෙයි අනෙකුත් දේශපාලන පක්ෂවලිනුත් රාජ්‍ය සේවකයන් මැතිවරණයට ඉදිරිපත් වුණා. අර්ධ රාජ්‍ය සේවයේ සේවකයන්ට විවිධාකරයෙන් සළකනවා. ඇතැම් රාජ්‍ය සේවකයන්ට මාර්තු මස සිට අප්‍රේල් 25 දක්වා මූලික වැටුප පමණක් ලැබිලා. කිසිම දීමනාවක් ලැබිල නැහැ. ඒ වගේම අප්‍රේල් 25 සිට මැයි 10 වැනිදා දක්වා කාලය තුළ කිසිවක්ම ලැබිල නැහැ. ඒ වගේම ඇතැම් රාජ්‍ය සේවකයන්ට නිවාඩු හිමිවීම සම්බන්ධයෙන් ගැටළු තියෙනවා. මේ ගැටළු රාජ්‍ය සේවකයන්ගේ සමස්ථ සේවා කාලයටම බලපානව. ඒක ඔවුන්ගේ උසස්වීම්වලට බලපානව. ඒ නිසා පළාත් පාලන මැතිවරණය කල් දැමීම තුළ රාජ්‍ය සේවා කේෂ්ත්‍රෙය් ප්‍රශ්න විසඳුන බව කීවත් විසඳිලා නැහැ. නිවරදි චක්‍රලේඛයක් නිකුත් කරලා මේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන්.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජ.ජ.බ) – ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය විශාල ව්‍යාකූලත්වයකට පත්වෙලා තිබෙන්නේ. සමහර ගුරුවරුන්ට ඈත පාසල්වලට යන්න වෙලා තිබෙනවා. ඒ පාසලේ විෂය භාර ගුරුවරයා නැති නිසා ළමයින්ට අසාධාරණයක් වෙලා තිබෙනවා.තවත් අයගේ වැටුප් පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. පසුගිය පෙබරවාරි මාසයේ සිට මාස පහකට ආසන්න කාලයක් විශාල රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, අපි කතාකළේ රාජ්‍ය සේවයේ ස්ථීර සේවකයන් ගැන පමණයි. හැබැයි ස්ථීර නොවන ආදේශක ගණයේ කොන්ත්‍රාත් පදනමින් සේවක කරන සේවකයන්ට මේ දක්වා අදාළ පළාත් පාලන බල ප්‍රදේශයෙන් බැහැරව ගිහිල්ලා වෙනත් තැනකවත් වැඩ කරන්න අවසර දීල නැහැ. චක්‍රලේඛයට අනුව මාස හයක් අඛණ්ඩව සේවයට වාර්තා නොකළොත් ඔහුගේ හෝ ඇයගේ සේවය අහෝසි වෙනවා.

ප්‍රදීප් අනුර කුමාර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka