gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තුනෙන් දෙකක බලයක් සහිත පොහොට්ටු ආණ්ඩුවක් යළි හදන හැටි සනත් නිශාන්ත කියයි

වත්මන් ආණ්ඩුවේද යම් ගැටලු තිබෙන බවද නමුත් නැවත තුනෙන් දෙකක බලයක් සහිත ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් ගොඩනැඟීම වෙනුවෙන් ගම් මට්ටමෙන් සංවිධාන කටයුතු අරඹා ඇතැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා පවසනවා.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක වැඩසටහනකදී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළ අතර එහිදී හෙතෙම මෙසේද සඳහන් කළා.

“ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ කියන්නේ අභියෝග භාරගත් පක්ෂයක්. මේ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ සෑදෙන්නේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ හයිබි්‍රඩ් බීජයක් විධියටමයි. ඒකයි ඇත්ත කතාව. එදා බණ්ඩාරනායක මහත්තයා මැද මාවතේ පක්ෂයක් පටන් ගත්තා. එහෙමයි නිදහස් පක්ෂය හැදෙන්නේ. එයින් පස්සේ ශ්‍රී ලනිප නායකයා විධියට මහින්ද රාජපක්ෂ මහත්මයාව පත් කරනවා. එතුමා මේ රටේ ජනාධිපති වෙනවා. එතුමා මේ රටේ යුද්ධය අවසාන කරලා රට දැවැන්ත සංවර්ධන මාවතකට අරගෙන යනවා.

නමුත් බටහිර අධිරාජ්‍යවාදී NGO නඩවල විවිධ කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් විධියට 2015 අපේ ආණ්ඩුව පරාජයට පත් වෙනවා. එදා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අපේ පක්ෂය බලහත්කාරයෙන් අතට ගන්නවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කරගනිමින් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කරනවා.

මේ පක්ෂය පළාත් පාලන ආයතන, ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ ඇතුළු සියලු මැතිවරණ ජයග්‍රහණය කළා. මේ යන අතරතුරේ ලෝක ආර්ථික තත්ත්වය හා ලෝක වසංගත තත්ත්වයත් එක්ක කුමන්ත්‍රණකාරීන්ගේ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් විධියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වුණයින් පස්සේ අපේ ආණ්ඩුවක් දැන් නැවත පත්කරගෙන තිබෙනවා.

මේ ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු, ඉලක්ක සහ හිත සතුටු කරන්න පුළුවන් ආණ්ඩුවක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ ඇතැම් ප්‍රතිපත්ති පිළිබඳ අපිත් අකැමැති කරුණු කාරණා රාශියක් තිබෙනවා. නමුත් ඒවා හැදුණේ මේ අරගලය කරපු කාලකණ්ණි ටිකක් නිසා. ඒ කාලකණ්ණි කෝටි ගණන් NGO වලින් මුදල් ගෙන්නගෙන කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස හැදුණු ආණ්ඩුවක් මේක.අපි අද නැවත වතාවක් ගමට ඇවිත් තිබෙනවා. අපි නැවත ජනවරමක් එක්ක ඉස්සරහට යනවා.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka