gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහබැංකු පනතට ආණ්ඩුවට ඡන්ද 66ක් විතරක් ලැබුණේ ආණ්ඩුව ඇතුළේ අර්බූදයක් නිසාද?

ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පතට පසුගියදා පැවැති ඡන්ද විමසීමේදී විපක්ෂය සැලසුම්සහගතව කටයුතු කළේ නම් ආණ්ඩුව පරාජයට පත් කිරීමට හැකිව තිබූ බව ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ. මේ හරහා ආණ්ඩුව ඇතුළේ පවතින අර්බූදය පැහැදිලිවම දැකගන්නට ලැබුණු බවද ඔවුන්ගේ මතය වී ඇත.
ඊට අදාළ ඡන්ද විමසීමේදී ආණ්ඩුවට ලැබුණේ ඡන්ද 66ක් පමණි.
 
විරුද්ධව ඡන්ද 42ක් ලැබී තිබුණු අතර ඡන්දය විමසන අවස්ථාවේදී දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරු 134ක් සභා ගැබේ සිටියේ නැත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාව යන දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනතට විරුද්ධවය.

විපක්ෂය ඊට සංශෝධන ඉදිරිපත් කළ අතර ඊට අවස්ථාව ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කර තිබුණද සංශෝධන කිහිපයක් ඇතුළත් කොට‌ නොතිබීම මත සජබය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කොට තිබිණ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka