gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බාල ඖෂධ නිසා මිනිසුන් බුරුතු පිටින් මැරෙද්දී ඖෂධ නියාමන අධිකාරියේ සුපිරි විනෝද ගමනට සල්ලි ඖෂධ සමාගම්වලින් ද?

බාල ඖෂධ හේතුවෙන් මරණ පිට මරණ සිදු වෙද්දී. බරපතල ඖෂධ  හිඟයකින් ජනතාව පීඩා විඳිමින් සිටියදී, ඒ කිසිවකට පිළිතුරක් පෙනෙන තෙක් මානයක නොමැති අවස්ථාවක, ඖෂධ නියාමන  අධිකරියේ ප්‍රධානීන් සහ සේවක පිරිස සහභාගී වූ සුපිරි චාරිකාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල අවධානයකට ලක් වී තීබේ.

මේ පිළිබඳව සටහනක් තබන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසන්නේ පසුගිය  (07) සහ (08)  දෙදිනක් පුරා ත්‍රිකුණාමලයේ ග්‍රීන් ගාර්ඩ්න් හෝටලයේදී පැවති මෙම විනෝද චාරිකාවට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා ප්‍රමුඛ කාර්යමණ්ඩලයේ සියළු දෙනා සිය පවුල් සමග සහභාගී වූ බවය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ්  මෙසේද සටහන් කර ඇත.

“එම සාජ්ජය සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගේ වියදමින් සිදු කල හැකි එකක් නොවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන අතර, ඖෂධ සමාගම් වල වියදමින් මෙවැනි සාජ්ජ පැවැත්වීම් අධිකාරිය පුරුද්දක් කරගෙන තිබේ.”

“ඒ නිසා මේ සාජ්ජයද කිසියම් අරමුණක් සඳහා ඖෂධ සමාගම් අනුග්‍රහයෙන් පැවැත්වූ එකක්ද යන බරපතල සැකයක් මතු වී ඇති අතර, මෙම සාජ්ජයට.මුදල් සොයාගත් ආකාරය පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.”

“අනුග්‍රාහකත්වයන් ලබා දීම සාමාන්‍ය තත්වයක් වුවද, ඖෂධ නියාමන අධිකාරිය වැනි ස්වාධීන ආයතනයකට එසේ කල හැකි වීම සාමාන්‍ය තත්වයක් වුවහොත්, ඖෂධ සමාගමක් විසින් සියල්ලන් මිලදී ගැනීම වුවද සාමාන්‍ය තත්වයක් බවට පත් විය හැකිය.”

ලංකාසර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka