gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බංග්ලාදේශය මාස 06න් ඇගළුම් කර්මාන්තයෙන් ඩොලර් බිලියන 19ක් හොයද්දි ලංකාව බිලියන 2ක්වත් හොයලා නෑ!

වසරේ මුල් මාස හය තුළ බංග්ලාදේශය, ඇගළුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 19.6 ක ආදායමක් උපයා ඇති අතර, අදාල කාල සීමාව තුළ ලංකාව උපයා ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක් පමණි.

ඇගළුම් අපනයන කර්මාන්තය පහත වැටීමේ ප්‍රවණතාවයක් ලෝක මට්ටමින් තිබිය දී පවා, බංග්ලාදේශය, පසුගිය වසර හා සසදා බැලීමේදී අදාල කාල සීමාව තුළ ඇගළුම් අපනයන ආදායමේ 5% ක වර්ධනයක් ලබා තිබේ.

ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වන අතර, ලංකාව, අදාල කාල සීමාව තුළ ඇගලුම් කර්මාන්තයෙන් උපයා ඇති ආදායම, පසුගිය වසර හා සසදා බැලීමේ දී 16% කින් පහත වැටී තිබේ.

ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශයද එක්සත් ජනපදය වෙත ඇගළුම් අපනයන සිදු කරන අතර, ඇමරිකාවට ඇගලුම් අපනයනය කිරීමෙන් වසරේ මුල් මාස හය තුළ බංග්ලාදේශය ඇමරිකානු ඩොලර් බිලියන 3.4 ක ආදායමක් උපයා තිබේ.

නමුත් පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ ඇමරිකාවට සිදුකරන ලද ඇගලුම් අපනයනයෙන් ඩොලර් බිලියන 3.9 ක් උපයා ගැනීමට බංග්ලාදේශය සමත්ව තිබුණි. ඒ අනුව, පසුගිය වසර හා සසදා බැලීමේ දී එක්සත් ජනපදයට සිදුකරන ලද ඇගලුම් අපනයනයෙන් බංග්ලාදේශය උපයා ඇති ආදායම මේ වසරේ මදක් අඩු වී තිබේ.

කෙසේ වෙතත්, ලංකාව, මේ වසරේ මුල් මාස හය තුළ, එක්සත් ජනපදයට ඇගලුම් අපනයනය කිරීමෙන් උපයා ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 746 ක් පමණි.

යුරෝපා සංගමයට සහ එක්සත් රාජධානියට සිදුකරන ලද ඇගලුම් අපනයනයෙන්, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දී බංග්ලාදේශය ඉහළ ආදායමක් උපයා තිබේ.

ලංකාව, උපයා ඇති ආදායම පසුගිය වසර හා සසදා බැලීමේ දී පහත වැටී ඇති බව පහත ප්‍රස්ථාරය බැලූ විට පැහැදිලි ය.

ඩේලි එෆ්.ටී. පුවත්පතෙනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka