gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මුතුරාජගේ මුවාවෙන් පෙරහර සංස්කෘතියට පහර ගහන්න NGO නඩ සූදානමින්!

මුතු රාජාගේ මුවාවෙන් රටේ පෙරහර සංස්කෘතියෙන් අලි ඇතුන් ඉවත්කිරිමට ඩොලර්වලින් යැපෙන එන්.ජි.ඔි.නඩ මේ දිනවල සූදානම්වන බව පෙනෙන්නේ යැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

පෙරහර සංස්කෘතියෙන් අලි ඇතුන් ඉවත්කළ යුතුයැයි එන්ජිඔි කණ්ඩායම් කලක සිට පෙ⁣රහර ආසන්නවන විට හඬක් නගන බවත් මේ දිනවල සිදුවන්නේද එයම බවත් උන් වහන්සේ කියති.

මෙම සංස්කෘතියට පහර ගසන එන්ජිඔි නඩේට ගිහියන් මෙන්ම ඇතැම් භික්ෂුන් වහන්සේද එක්ව සිටිම කනගාටුවට කරුණක් බවද ආනන්ද හිමියෝ කියති.

මුතුරාජාගේ ප්‍රශ්නයක් තිබු බව අපි පිළිගන්නවා. ඒ ප්‍රශ්නය දැන් ඉවරයි. නමුත් මේ නඩේ සුදානම් වෙන්නේ පෙරහර සංස්කෘතියෙන් අලි ඇතුන් ඉවත් කිරිමටයි. ඒ වෙනුවෙන් ඒ අය ගේ හඬ විවිධ ස්වරුපයෙන් දැන් මතුවෙනවා. පන්සල්වලට සන්නස් මගින් අලි ඇතුන් දෙන්න එපා කියලත් කිව්වා.

පෙරහර සංස්කෘතියට අලි ඇතුන් එක්කරගත්තේ අද ඊයේක නොවේ. එය රජ සමයේ සිට සිදුවන්නක්. ඒ විතරක් නොවේ එදා රජවරු වැව් අමුණු හදන්නත් අලි ඇතුන් යොදාගත්තා. ” නා හිමියෝ කීහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka