තරිඳුගෙ යටි තොල පැලිලා! දකුණු ඇහැ ළඟ ඉදිමිලා නිල්වෙලා! ලිංගික ඉන්ද්‍රියන්ට බරපතළ ලෙස පහර දීලා! තරිඳුට ගහලා තියෙන හැටි පොලිසියේදී එළියට එයි!
අතිශය අනීතික ලෙස මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහුට බරපතල ලෙස පහර දී තිබුණු ආකාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේය.
පොලිස් අත්අඩංගුවේ පසුවන තරිඳු උඩුවරගෙදර මේ පහර කෑමට ලක්වන්නේ කොළඹ පැවති උද්ඝෝෂණයක් ආවරණය කිරීමට පැමිණ සිය රාජකාරි කරමින් සිටින අතරතුරේදී බව පවසන පුබුදු ජයගොඩ ඔහුට සිදුකළ පහරදීම් නිසා ඔහුගේ යටි තොල පැලී, වම් ඇස ගාව නිල් වී ඉදිමී තිබූ බව කීවේය.

දැඩි අපහසුතාවකින් සිටි තරිඳු පොලිසියේ පිරිස් පහර දීමේදී ඔහුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට බරපතල ලෙස පහර දුන් බව ප්‍රකාශ කළ බවද පුබුදු ජයගොඩ කීවේය.
තරිඳුගෙ යටි තොල පැලිලා! දකුණු ඇහැ ළඟ ඉදිමිලා නිල්වෙලා! ලිංගික ඉන්ද්‍රියන්ට බරපතළ ලෙස පහර දීලා! තරිඳුට ගහලා තියෙන හැටි පොලිසියේදී එළියට එයි!
2023-07-29T20:07:00+05:30
Lanka Hot News