gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක‍්‍රිකට් ගැහිලි, දිරිගැන්නිලි සියල්ල එලියට.. ඔසී ගමනේ විඝණන වාර්තාව මෙන්න

2022 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්‍යාලය විසින් කරන ලද විගණනයට අදාළ වාර්තාවේ කෙටුම්පතක් අප වෙත ලැබී ඇත.

ජාතික විගණන කාර්‍යාලයේ විගණන වාර්තාවේ කෙටුම්පතෙන් හෙළි වන අක්‍රමිකතා (T20 ලෝක කුසලාන තරගාවලියට අදාළව)

1. ක්‍රීඩා අමාත්‍යාශයේ අනුමැතිය නොමැතිව මාධ්‍යවේදීන් ඇතුලු හය දෙනෙකුට ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහකත්වය ලබා දීම.

2. කිසිම ආයතනික එකඟතාවක් හෝ ගිවිසුමක් නොමැතිව එලෙස මාධ්‍යවේදීන්ගේ ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් වැය කිරීම.

3. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කිසිදු නිල සම්බන්දතාවක් නොමැති 35 දෙනෙකුට ඔස්ට්‍රේලියානු වීසා ලබා දෙන ලෙස වීසා අයැදුම්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ලිපි ශීර්ෂ යටතේ යොමු කිරීම.

(මේ අතුරින් 21 දෙනෙකු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ ඥාතීන් සහ පුද්ගලික හිතවතුන් බව මෙම විගණන කෙටුම්පතේ දක්වා ඇත)

මේ අතරින් සංජීව නිශාන්ත පෙරේරා නමැති පුද්ගලයා නැවත ශ්‍රී ලංකාවට පැමිණ නැති අතර ඔහුගේ සේවා ස්ථානයෙන්ද ඔහුගේ සේවය අවසන් කර ඇත.

4. ඔස්ට්‍රේලියාව වෙත ගුවන් ටිකට්පත් (රුපියල් මිලියන 50කට අධික) මිලදී ගැනීමේදී සම්පූර්ණයෙන්ම නියමිත සහ අනුමත ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කර ඇති අතර මේ හරහා දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර ඇත.

ටිකට්පත් 12ක් සඳහා ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය කිසිසේත් ලබාගෙන නොමැත.

5. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2014 වසරේ සිට 2022 දක්වා අවස්ථා තුනකදී විදෙස් සංචාර සඳහා ගෙවන දෛනික දීමනාව 46%ත් 75%ත් ප්‍රමාණයකින් වැඩි කරගෙන ඇත. මීට අමතරව විධායක කමිටු සාමාජිකයන් විදෙස් සංචාරයක යෙදන අවස්ථාවක් ඇ.එ.ජ. ඩොලර් 2,000ක විනෝදාස්වාද දීමනාවක් සහ ඩොලර් 150ක දුරකථන දීමනාවක් එම විධායක කමිටුව විසින්ම අනුමත කරගෙන ඇත.

6. ICC T20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා ICC වෙතින් ක්‍රිකට් ආයතනයට ලබා දුන් ටිකට් 725ට අමතරව ටිකට් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 8.7ක් වියදම් කර ඇති අතර එයින් රුපියල් මිලියන 4.7ක ටිකට් මිලදී ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය පවා ලබා දී නැත.

අවසන් සහ අවසන් පූර්ව වටයේ තරග නැරඹීම සඳහා මිලදී ගත් ටිකට් පත්වලින් රුපියල් මිලියන 4.1ක් වටිනා ටිකට්පත් ප්‍රයෝජනයට ගෙන නොමැත.

7. ක්‍රිකට් පිටිය වියළීම සඳහා භාවිතා කරන ‘සුපර් සොපර්’ යන්ත්‍රයක් පරීක්ෂා කිරීමේ මුවාවෙන් ඒ සඳහා කිසිදු විශේෂඥ දැනුමක් නොමැති ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්නව ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා රුපියල් මිලියන 3කට ආසන්න මුදලක් වියදම් කර ඇති අතර නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඔහු සඳහන් කර ඇත්තේ ඔහුට ඔස්ට්‍රේලියානු ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයාව මුණ ගැසීමට නොහැකි වූ නිසා යන්ත්‍රය පරීක්ෂා කිරීමට නොහැකි වූ බවයි.

පසුව හෙළි වී ඇත්තේ Sokhi Australia Pty Ltd නම් එම ඔස්ට්‍රේලියානු ආයතනය සුපර් සොපර් යන්ත්‍ර නිෂ්පාදනය කරන සමාගමක් නොවන බවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අතරමැදි නියෝජිතායතනයක් ලෙස ක්‍රියාකිරීමට පිහිටුවාගත් ආයතනයක් බවයි. (මේ පිළිබඳ සවිස්තරාත්මක සටහනක් විගණන කෙටුමපතෙහි දක්වා ඇත)

8. T20 ලෝක කුසලානයේ පළමු වටයේ තරග සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමි විය යුතු ඇ.එ.ජ. ඩොලර් 300,000ක පාරිතෝෂික මුදල ගෙවා නොමැත. (2023 ජුනි 14 දත්ත)

9. 2023 පළමු මාස තුන තුළ පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති ගාස්තු ලෙස රුපියල් මිලියන 23කට අධික මුදලක් ගෙවා ඇති අතර මෙම ගෙවීම් ප්‍රධාන වශයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ඇති විවිධ නීතිමය ආරවුල් සම්බන්ධයෙන් බාහිර නීති උපදේශකයින්ට ගෙවා ඇත.

කැඳවුම්කරු,
යුක්තිය උදෙසා තරුණ අවකාශය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka