සතුන් මිලදී ගැනීමේදී නිවැරදි ඇස්තමේන්තු පිළියෙල කිරීම අත්‍යවශ්‍ය බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සඳහා ඇස්තමේන්තුගත මුදලට වඩා සියයට 3000ක පමණ වැඩි මුදලක් වැයකර ඇති බවට අනාවරණය වීමත් සමග කෝපා කමිටුව එම දැනුම් දීම සිදුකර ඇති බව සඳහන් වෙයි.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳ විමර්ශනය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබුණි.
එහිදී විගනකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අදාළ මිලදී ගැනීම් පිළිබඳව කරුණු දැක් වූ අතර කෝපා කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා ඒ සම්බන්ධයෙන් සත්වෝද්‍යාන නිලධාරීන්ගෙන් කරුණු විමසීය.