gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රීට ගෙවන්න කී කෝටි 10 තවම ගෙවා නෑ! අවසන් දිනය ලබන බදාදා!

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට රුපියල් කෝටි දහයක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ ද එම වන්දි මුදල් අද (08) වනතුරු ගෙවා නොමැත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුබ ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඬුල්ල ඉකුත් ජනවාරි 12 වැනිදා ඒකමතිකව තීන්දුවක් දෙමින් අදාළ වන්දි මුදල් මාස හයක් ඇතුළත ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නියෝග කළහ.

ඒ අනුව මාස හයක කාල සීමාව ලබන බදාදා (12) අවසන් වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පරිදි වන්දි මුදල් නිසි පරිදි නොගෙවුවහොත් එය අධිකරණයට අපහාස කිරීමක් යැයි ජ්‍යෙෂ්ඨ නීති විශාරදයකු මාධ්‍යට පවසා ඇත.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අය වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් පාස්කු ප්‍රහාරවල වින්දිතයින්ට වන්දි ගෙවන ලෙස ඉකුත් ජනවාරි 12 වැනිදා නියෝග කළේය.

ඒ අනුව පාස්කු ප්‍රහාරවල වින්දිතයින්ට රුපියල් කෝටි දහයක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඊට අමතරව රුපියල් මිලියන හැත්තෑපහ බැගින් වූ වන්දි ගෙවන ලෙස පූජිත ජයසුන්දරට සහ නිලන්ත ජයවර්ධනට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

රුපියල් මිලියන පනහක වන්දියක් ගෙවන ලෙස හේමසිරි ප්‍රනාන්දුට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් මිලියන දහයක වන්දියක් ගෙවන ලෙස සිසිර මෙන්ඩිස්ට නියෝග කළේය.

අදාළ වන්දි මුදල් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු වින්තිකරුවන් පස් දෙනාට නියෝග කළේය.

නමුත් කිසිදු විත්තිකරුවකු මෙතෙක් වන්දි මුදල් ගෙවා නොමැති අතර අදාළ වන්දි මුදල් ලබන 12 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

මූලාශ්‍රය – අරුණ


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka