පොලිස් නිලධාරීන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස් වැඩි වෙමින් ඇති බව වාර්තා වෙමින් ඇතැයි පොලිස් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පසුගිය කාලය තුළ අහඹු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් සීයයකට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මූලස්ථානය කියයි.
පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ තක්සේරුව අනුව මේ වනවිට ක්‍රියාකාරී සේවයේ යෙදන පොලිස් නිලධාරීන් දහසක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇතැයි කියැවේ.
මෙම පිරිස් අතර වැඩි වශයෙන් ආධුනික පොලිස් නිලධාරීන් මෙන්ම අලුතින් සේවයට සම්බන්ධ වුන පිරිස් සිටින නමුත්, ඉහළ පොලිස් නිලධාරීන් අතර ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් සිටින බව ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි.
පොලිස් නිල ඇඳුමින් අපරාධ හා කොල්ලකෑම්වල නිරතව අත්අඩංගුවට ගත් නිලධාරීන් අති බහුතරයක් අයිස් ඇතුළු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවන් බව ද හෙළි වී ඇත.
මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව විධිමත් විමර්ශනයක අවශ්‍යතාව පිළිබඳව මතයක් පොලිසිය තුළින්ම නිර්මාණය වී ඇතැයි මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්වූ පොලිස් ප්‍රධානියෙක් පැවසීය.
මේ වනවිට ආන්දෝලනයට ලක් වි ඇති පොලිස් කොස්තාපල්වරියගේ නිරුවත් විඩියෝපට සමාජ මාධ්‍යයට යොමු කරන්නට හැදූ ඇයගේ පොලිස් පෙම්වතා දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍යයට හුරු වූ අයෙක් බවත්, ඇයගේ නිරුවත් විඩියෝ පට අන්තර්ජාලයට යොමු කරන්නට උත්සාහ කර ඇත්තේ ඇයට තර්ජනය කර මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇයගෙන් මුදල් ලබා ගැනිමට බවත් විමර්ශන අංශ විසින් හෙළිකරගෙන තිබේ.

-lankasara