gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ටිරාන්ගේ වැඩේ නැගලා යයි.. අන්තර් ජාලයෙන් 29,578ක් පාස්පෝර්ට් අයැදුම් කරලා..

විදේශ ගමන් බලපත්‍ර අන්තර් ජාල‌ය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29,578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. මෙයින් 5,294ක් එක්දින සේවය සදහාද 24,285ක් සාමාන්‍ය සේවය සදහා ද අයදුම්පත්ඉ දිරිපත් කර ඇත.මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ 2023 ජූනි15 වැනිදා ආරම්භ කෙරිණි.

එදින සිට ගත වූ දින 30 ක් තුළ මෙම අයදුම්පත් 29,579 ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බවද අමාත්‍ය ටිරන් අලස් මහතා පැවසීය.

අයදුම්කරු නම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකි බවත් පැවසීය.

මෙම ක්‍රමය මත බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka