gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කුරුන්දි විහාරයේ හින්දු උත්සව පවත්වන්න නොදුන්නොත් ජාතිවාදි ප්‍රශ්න ඇති වෙයි… ප්ලොට් නායකයා පොලිස්පතිට ලියයි!

පොලිසිය හා පුරා විද්‍යා නිලධාරීන් අත්තනෝමතිකව හා දෙමළ   ජනයාට අසාධාරණයක් වන අන්දමට ක්‍රයා කළහොත් ජාතිවාදී ප්‍රශ්න ඇති විය හැකි බව දන්වමින්  මුලතිව් කුරුදුමලේ  විහාරාස්ථාන භූමියේ හින්දු පොන්ගල් උත්සවයක් පැවැත්වීමට ගිය  ප්ලොට් සංවිධානයේ නායක හා පාලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන්    පොලිස්පතිවරයාට ඊයේ   ලිඛිතව දන්වා තිබේ.කුරුන්දි විහාර භූමියේ පවතින්නේ යැයි කියන හින්දු  කෝවිලේ තමන් ඇතුළු කණ්ඩායමක් පසුගිය 14 වැනිදා පොංගල්  පූජාවක් පැවැත්වීමට ගිය අවස්ථාවේ දී    පොලීසිය හා පුරා විද්‍යා නිලධාරීන් බාධා කළේ දෙමළ ජනතාවට දැඩි අසාධාරණයක් සිදු කරමින් බව ද ඔහු එම ලිපියේ සඳහන් කරයි.


පොලීසිය හා පුරා විද්‍යා නිලධාරීන් මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් මතු කළ බව කියන මන්ත්‍රිවරයා ඉන් පලමු වැන්න දැඩි අසාධාරණයක් වන්නේ පුරා විද්‍යා බිමකට ඕනෑම ජාතියකට අයත් පුද්ගලයින්ට ඇතුලු විය හැකි බව කියමිනි.

නමුත්  එම ස්ථානයට රැස් වූ පිරිස පලවා හරින ලද්දේ අත් අඩංගුවට ගන්නා බවට පොලීසිය   ජනතාව බිය වද්දමින් බව මන්ත්‍රීවරයාගේ ලිපියේ සඳහන් කොට තිබේ.

දෙවනුව එම ස්ථානයේ ගිනි මෙලවීමට දෙමළ ජනතාවට ඉඩ ලබා නොදුන්නත් ඊට යාබදව සිටි හමුදා භටයින් ආහාර පිසීමට ලිප් බැද තිබූ අතර වන්දනාකරුවන් ද මෙම ස්ථානයට පැමිණ ලිප් බැද ගිනි දල්වන බව මන්ත්‍රිවරයා කියා සිටියි.


කුරුදුමලේ විහාරය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයටම අධිකරණය විසින් පනවන ලද තහහම්  නියෝග දෙකක් පැහැදිලිව තිබියදී දෙමළ ජනතාවට පමණක් එම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය උත්සාහ කිරීම තුළින් හැඟී යන්නේ දෙමළ ජනතාව ගැන  කිසිදු තැකීමකින් තොරව කටයුතු කොට ඇති බව යැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

නමුත් මෙම ස්ථාන බෞද්ධ ජනතාවට පමණක් නොව හින්දු ජනතාවටද අයත් බවත් එය අධිකරණය විසින් මෙන්ම ඉතිහාසය විසින්ද පිළිගත් සත්‍යයක් බත් මන්ත්‍රීවරයා පොලිස්පතිවරයාට යවන ලද ලිපියේ සඳහන් කොට තිබේ.
පොලිසිය හා පුරා විද්‍යා නිලධාරීන් අත්තනෝමතිකව හා දෙමළ   ජනයාට අසාධාරණයක් වන අන්දමට ක්‍රියා කිරීම නිසා ජාතිවාදයට මුල් වූ අනවශ්‍ය සිදුවීම් ඉදිරි කාලයේදී සිදු විය හැකි බවත්  නිසා දෙමළ ජනතාවටද සාධාරණ වන අන්දමට කටයුතු කරන ලෙස පොලීසියට උපදෙස් දෙන ලෙස මන්ත්‍රීවරයා සිය ලිපියෙන් වැඩි දුරටත් ඉල්ලීමක් කොට තිබේ.
 
-දිනසේන රතුගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka