gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මත් උවදුර මුලිනුපුටා දැමීමට ඇමති ටිරාන්ගේ සභාපතිත්වයෙන් විශේෂ කාරක සභාවක්

රට තුළ සීඝ්ර ලෙස පැතිරෙමින් පවතින මත් උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳ නිරීක්ෂණ සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කර තිබේ.

සිසිර ජයකොඩි මහතා, සීතා අරඹේපොල මහත්මිය, බුද්ධික පතිරණ මහතා, වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා, තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, උපුල් ගලප්පත්ති මහතා, මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා, අසංක නවරත්න මහතා, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, තවරාජා කලෛඅරසන් මහතා සහ මංජුලා දිසානායක මහත්මිය එම විශේෂ කාරක සභාවේ සෙසු සාමාජික සාමාජිකයින් වශයෙන් පත්කර ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (01) මේ බව පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka