gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

ජනසභා ක්‍රමයට රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රසාදය

ජනසභා ක්‍රමයට රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රසාදය ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය විසින් යෝජනා කර ඇති ජනසභා ක්‍රමය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රසාදය පළ වී ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සහයෝගයන් ලබා දීමට ද එම සංවිධානවල එකඟතාවය පලකර තිබේ.ජනසභා ක්‍රමය පිළිබඳව දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීමේ රැස්වීමක් ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.

මෙම දැනුවත් කිරීම රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය සහ ජාතික ජනසභා ලේකම් කාර්‍යාලය එක්ව සංවිධානය කල අතර දිවයින පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 100කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී විය.

මෙම දැනුවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජීව විමලගුණරත්න, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරන, ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජෙනරාල් පාලිත ලිහිණියකුමාර ඇතුළු  ජාතික ජනසභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහභාගී විය.








gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka