නියෝජ්‍ය කතානායකගේ නම ගෑවුන ගංජා පුවතක් වාර්තා කිරීමේ දී වරප්‍රසාද කඩවෙලා… චමුදිතව පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවයි!
ගංජා සම්බන්ධ ප්‍රවෘත්තියක් වාර්තා කළ ආකාරය පිළිබඳව විමසීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අනිද්දා (06) පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවා තිබේ. අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතා නායකවරයාට අයත් මත්තල ප්‍රදේශයේ ඉඩමක් කුලියට ගත් පුද්ගලයෙක් නීති විරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් අත් අඩංගුවට ගැනීම සම්බන්ධ ප්‍රවෘත්තිය හිරු රූපවාහිනී නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහනේ දී ප්‍රකාශ කළ ආකාරය අනුව සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇතිබව කියමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සිදුකළ පැමිණිල්ලකට අනුව චමුදිත වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවා ඇත.
ඒ ප්‍රවෘත්තියේ පසුබිම සිද්ධිය මෙසේය.
පසුගිය ජනවාරි මුල් සතියේ කතරගම කඳවුරට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් ගංජා හේනක් වටලා තිබිණි.
වගාවේ තිබී අඩි 4 හමාරකට ආසන්න උසකින් යුත් ගංජා පැල 18,956ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගනු ලැබුවේය.
අත් අඩංගුවට ගත් පසු හෙළි වූයේ සැකකරු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට අයත් අක්කර 10ක ඉඩමකින් අක්කර දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් කුලියට ගෙන නීතිවිරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් ඇති බවය.
නියෝජ්‍ය කතානායකවරයා පැමිණිලි කර ඇත්තේ මෙම ගංජා සම්බන්ධ ප්‍රවෘත්තිය චමුදිත සමරවික්‍රම විසින් වාර්තා කර ඇති ආකාරයෙන් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවය.
ඒ ප්‍රවෘත්තියේ පසුබිම සිද්ධිය මෙසේය.
පසුගිය ජනවාරි මුල් සතියේ කතරගම කඳවුරට අනුයුක්ත පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් ගංජා හේනක් වටලා තිබිණි.
වගාවේ තිබී අඩි 4 හමාරකට ආසන්න උසකින් යුත් ගංජා පැල 18,956ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගනු ලැබුවේය.
අත් අඩංගුවට ගත් පසු හෙළි වූයේ සැකකරු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට අයත් අක්කර 10ක ඉඩමකින් අක්කර දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් කුලියට ගෙන නීතිවිරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් ඇති බවය.
නියෝජ්‍ය කතානායකවරයා පැමිණිලි කර ඇත්තේ මෙම ගංජා සම්බන්ධ ප්‍රවෘත්තිය චමුදිත සමරවික්‍රම විසින් වාර්තා කර ඇති ආකාරයෙන් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවය.
නියෝජ්‍ය කතානායකගේ නම ගෑවුන ගංජා පුවතක් වාර්තා කිරීමේ දී වරප්‍රසාද කඩවෙලා… චමුදිතව පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුවට කැඳවයි!
2023-07-04T19:40:00+05:30
Lanka Hot News





