gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩෙන්මාර්ක් ජාතික තරුණියගේ මරණ පරීක්ෂණය ඥාතීන් රටට එනතුරු කල් යයි… ඇයගේ ජංගම දුරකථනය තවමත් අතුරුදහන්...

අලගල්ල කන්ද තරණය කරන අතරතුර හදිසි අනතුරකට ලක්ව ජීවිතයෙන් සමුගත් හුදකලා සංචාරක තරුණියක වූ 32 හැවිරිදි  ඩෙන්මාර්ක් ජාතික Karen Munk Ebbesen ගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය ඩෙන්මාර්කයේ සිට  ඇයගේ ඥාතීන් දිවයිනට පැමිණෙන තුරු පැවැත්විය නොහැකි බව පොලිසිය පවසයි.
 Karen කඳු නැගීමට මහත් අභිරුචියක් දැක්වූ ඒ හේතුවෙන්ම දේශ සංචාරයේ යෙදෙන තරුණියක් බව වාර්තා වේ. මේ වනවිට ඇයගේ  මරණය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දියාවේ පිහිටි ඩෙන්මාර්ක් තානාපතිකාර්යාලය හරහා ඇගේ ඥාතීන්ට දැනුම් දීමට පියවර ගෙන තිබේ. මේ වනවිට ඇයගේ සිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මහනුවර අම්පිටියේ “බැක් පැක්ර්ස්” සංචාරකයින් නවාතැන් ගන්නා නේවාසිකාගාරයක නැවතී ඇති ඇය.    පසුගිය 10 වැනි දින අලගල්ල කන්ද තරණය කිරීමට  කඩුගන්නාව බලාගොස් ඇති ඇය නැවත හෝටලයට නොපැමිණියත් නේවාසිකාගාර කළමනාකරු ඇය නැවත නොපැමිණී බව මහනුවර සංචාරක පොලිසියට පැමිණිලි කරන්නේ දින 03කට පසු එනම් 13 වැනිදා ය.   පහුවදා උදේ එනම් 14 දා ඇය ගැන සොයන්නට යන පොලිසිය පැය කීපයක් තුළ අලගල්ල කන්ද පාමුල තිබී ඇයගේ සිරුර සොයා ගන්නේය.
 
මළ සිරුර සමඟ ඩොලර් 20 නෝට්ටු පහක්, ඩොලර් 05 නෝට්ටු දෙකක් සහ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 62000 ක් සොයාගත් බව පොලීසිය පවසයි.

ඇගේ ජංගම දුරකතනය මෙතෙක් සොයාගෙන නොමැත.
මෙම මරණය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක   ගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්  ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි
 


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka