රාගම රෝහලේ දි එන්නතක් අසාත්මික වීම හේතුවෙන් තරුණියක් මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම සොයා බැලීම ආරම්භ කර ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සදහන් කරයි.
Amoxiclav යනු පෙනිසීලීන් වර්ගයේ එන්නතක් බවත් මෙවැනි එන්නත් අසාත්මිකතාවන් ඇතිකරන එන්නතක් බව අපි කවුරුත් දන්නා බැවින් එවැනි එන්නතක් ලබා දීමේදී ඒ පිලිබඳව රෝහල් කාර්ය මණ්ඩලය රෝගියාගේ ඖෂධ භාවිතයේදී සිදුවී ඇති අසාත්මිකතාවන් සම්බන්ධයෙන් වූ ඉතිහාසය පිලිබඳව මනා දැනුමක් ලබා ගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
මෙම කාන්තාවට ලබා දුන් එන්නත අසාත්මිකතා පෙන්නුම් කිරිමත් සමග රෝගියාගේ ජීවිතයට හානියක් නොවිම සදහා ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් තිබෙන බවත් රෝහල් කාර්ය මණ්ඩල ඒ ක්‍රියාමාර්ගයන් ගත්තේද යන්න පිලිබඳව සොයා බැලීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් විශේෂ පරික්ෂණයක් පැවැත්වෙන බැවින් වැඩිදුර යමක් සඳහන් කළ නොහැකි බවත් අධ්යක්ෂවරයා පැවසුවේය.
-ශ්‍රියානි විජේසිංහ