gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාදිනල් හිමි ජනපතිට යැවූ ලිපියට අස්ගිරි පාර්ශ්ව ලේඛකාධිකාරී නාරම්පනාවේ හිමියන්ගේ විරෝධය! පොලිස්පති තෝරද්දී ආගමික බලපෑම් එපා!

Lanka Hot News - පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති. පොලිස්පති ධුරයට නිලධාරියකු පත්කිරිම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය යුතු බවත් කුමන හෝ ආගමික නායකයකු ඒ සඳහා කරන බලපෑම් සුදුසු නොවන බවද උන් වහන්සේ කියති.

ඉතිහාසයේ පළමුවරට පොලිස්පතිවරයකු නැති පොලිසියක් වර්තමානයේ පවතින්නේ මෙම අනවශ්‍ය බලපෑම් නිසා යැයිද නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ කියති.

පොලිස්පති ධුරයට නිල නිලධාරින් කීපදෙනකු නම්කරමින් එම අය එම ධුරයට පත්නොකරන ලෙස කාදිනල්තුමා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බව දැනගන්නට ඇතැයි සඳහන් කරන නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ ඒ නිදහස ජනාධිපතිවරයාට දී ආගමික නායකයන් ඉන් බැහැරවිය යුතුයැයිද කියති.

ආගමික නායකයන් ආණඩුවට බලපෑම් මෙන්ම උපදෙස් දිය යුතු කාරණා තිබුණත් රටේ ආරක්ෂාවට බලපාන පොලිස්පති වැනි ධුරයක් සම්බන්ධයෙන් කරන ඇඟිලි ගැසීම් නොවිය යුතු ඒවා යැයිද නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ කියති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka