gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

බැසිල් දණ නමයි... ජනාධිපති කියන විදිහට ඉන්න තීන්දුයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජේෂ්ඨයන්ට අමාත්‍යධූර හිමි නොවුනා කියා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදී සිටීමට හැකියාවක් නැතැයි පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පොදු ජන පෙරමුණේ ජේෂ්ඨ මන්ත්‍රී පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

තම මතයට එකඟව ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ නම් ඔහුට සහාය දීමෙන් පලක් නැති බව බව මෙම පිරිස පෙන්වා දී ඇති අතර මෙතෙක් අමාත්‍යධුර නොලැබීම සම්බන්ධයෙන් ද ඔවුන් තම නොසතුට පල කර ඇත.

කෙසේ වෙතත් අමාත්‍යධුර නොලැබුණු පමණින් ජනාධිපතිවරයාට සහාය නොදී සිටීම පොදු ජන පෙරමුණ පෙරමුණේ මතයට කරන හානියක් බව ද තම පක්ෂයට ලැබුන ජනවරම අනුව කටයුතු කරන නිසා ජනාධිපතිවරයාට දිගටම සහයෝගය දිය යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර ඇත.

නමුත් ජනවරමට පිටුපා යන තත්ත්වයකට ජනාධිපතිවරයා පත් වූවොත් ඒ ගැන අවධානය යොමු කර ඒ මොහොතේ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka