රත්තරන් තොගයක් නිදහස් කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට කර තිබුණේ බලපෑමක් නොව ආයාචනයක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා පවසයි.
මන්ත්‍රීවරයා එම ආයාචනාව විධිමත්ව කර තිබූ බව කියන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ ඕනෑම භාණ්ඩයක් රාජසන්තක කිරීම සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ඍජුව හෝ වක්‍රව රේගුවට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.
රේගුව මෙම ප්‍රකාශය කරනු ලබන්නේ රාජසන්තක කළ කෝටි එක හමාරක රත්තරන් තොගයක් වජිර අබේවර්ධනගේ බලපෑම මත රුපියල් ලක්ෂයකට ආසන්න බදු මුදලකට යටත්ව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කිරීම සම්බන්ධව ලිඛිත සාධකත් සමග ලිපියක් අන්තර්ජාලයේ පලවීමත් සමගය.
පෙබරවාරි මාසයේ මෙරටට පැමිණෙමින් සිටි කාන්තාවක් රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් රන් වළලු හයක් සහ රන් මාල දෙකක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට තැත්කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
රේගු පරීක්ෂණයේදී කාන්තාව නීති විරෝධී ලෙස භාණ්ඩ රැගෙනවිත් ඇති බවට තීරණය වූ නිසා රුපියල් ලක්ෂයක දඩයක් සමඟ භාණ්ඩ රාජසන්තක කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කළේය.
කෙසේ වෙතත් එම කාන්තාව පසුව මේ බව මන්ත්‍රී අබේවර්ධන වෙත දැනුම්දී ඇති අතර මන්ත්‍රීවරයා විසින් මුදල් ඇමතිවරයාවන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානයට එම ඉල්ලීම යොමු කර තිබුණු බව වාර්තා වේ.
අනතුරුව මන්ත්‍රී අබේවර්ධන මෙම රන් ආභරණ සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂ ජනාරාල්වරයාට ට අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි ද එම අභියාචනය රේගු අභියාචනා කමිටුව වෙත යොමු කර තිබූ බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.
රේගු අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ප්‍රධානියා නියෝග කර තිබුණේ අදාළ රන් ආභරණ නියමිත බදු ගෙවීමට යටත්ව එහි හිමිකරුට නැවත ලබාදෙන ලෙසයි.
රේගු පරීක්ෂණයකදී ලබා දුන් නියෝගය සාධාරණ නොවන බව හැඟේ නම් අත්අඩංගුවට ගත් හෝ රාජසන්තක වූ භාණ්ඩ නැවත ලබා ගැනීමට නිසි ක්‍රියාවලියක් තිබේ නම් ඕනෑම අයකුට රේගු අධ්‍යක්ෂවරයාට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ පළමු නියෝගය අවලංගු කර පවතින බදුවලට යටත්ව එම රන් භාණ්ඩ නිදහස් කරන ලෙස නියෝග කර තිබිණි.