විල්පත්තුව වනජීවී ප්‍රේරක කලාපය තුළ ගොවි සංවිධානවලත්, ප්‍රදේශ වාසීන් විශාල ප්‍රමාණයකගේත් විරෝධය මැද මේ වනවිට රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පැවැත්වෙමින් ඇති අවුරා ලංකා සංගීත ප්‍රසංගය සංවිධානය කරන එම අයාතනයේ සභාපති නන්දික විරන්ජිත් තාඹුගල එම ප්‍රසංග භූමිය තුළ දි රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජනය කිරීම සම්බන්ධව ස්ථානාධිපතිවරයා රාජකාරි සටහනක් තබා තිබේ.
“ ඕ.අයි.සී මහත්තයා මම දකිනකොට හැංගෙන්නේ ඇයි?. කෝටි ගණන් වියදම් කළේ දවස් 20ක් ගහන්න… උඹ දැනගනින්.. උඹේ යුනිෆෝම් එක ගලවනවා. “ යැයි පවසා ඔහු රාජාංගනය පොලිස් ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන සිදුකර ඇතැයි එම සටහනේ දැක්වේ.
සැකකරු එම අවස්ථාවේ අත්අඩංගුවට ගතහොත් සාමය කඩවීමට ඉඩකඩ තිබූ හෙයින් ඔහුව අත්අඩංගුවට නොගත් බවද ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රසංගය සම්බන්ධ රට පුරාම බරපතල ආන්දෝලනයක් ඇති වී තිබිණි.
පසුගිය කාලය පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර ලක්ෂයක කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට සඳහන් කරමින් නීති විරෝධී ව ඉඩම් අත්පත් කර ගෙන කෝමාරිකා වගාවන් සිදු නොකළ බවට මෙම සංවිධානයට චෝදනා එල්ල විය. එමෙන්ම එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු ප්‍රදේශයේ පක්ෂ විපක්ෂ දේශපාලන බලවතුන් මෙන්ම පොලිස් ප්‍රධානීන් ද මෙම පුද්ගලයා විසින් මුදලට ගෙන තිබුණු බව කියැවිනි.
රාජාංගනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මේ තැනැත්තා මරණ තර්ජනය කරන්නේ එවැනි පසුබිමක් තුළය.
කෙසේ වෙතත් දින 20 ක් රාත්‍රි කාලය පුරා මෙම සංගීත ප්‍රසංගය විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ පැවැත්වීම හේතුවෙන් එහි ජෛව ප්‍රජාව ගේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල වීම හා ගොවි පවුල් 550 ක් පමණ ජීවත් වන රාජාංගනය යාය 18 ගම්මානයේ ජනතාවට දැඩි මහජන පීඩාවක් ඇති වීමට නියමිත බව මෙම ප්‍රසංගය සංවිධානය කිරීමට පෙර සිට දැඩිව අවධාරණය විය.
“ගැමියෝ මේ ප්‍රසංගයට විරුද්ධ වෙන්නේ බොහොම සාධාරණ පදනමකින්. අපි මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට පොලිස් අධිකාරීවරයාට ඇතුළු සියලු දෙනාටම පැමිණිලි කළා. ඒත් ඵලදායී ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ.”
“පසුව ගොවි සංවිධාන, ගම්මානය සුරැකීමේ සංවිධානය, ප්‍රදේශයේ බහු ජන සංවිධාන එකතු වෙලා මාධ්‍ය හමුවක් තියලා මේ ප්‍රසංගයට විරෝධතාවය පල කළා.”
“අපි මේ විරෝධය පල කළේ ද්වේශයෙන් නෙමෙයි.
මොකද මේක වනජීවි කලාපයක පවත්වන්නේ. වනජීවී එකට අයිති ඉඩමක්. මේ ඉඩම සම්බන්ධව උසාවි නඩුවක් තියනවා. කාලෙකට කලින් දමපු ඒ නඩුව මගින් වනජීවි දෙපාර්තමේන්තුවෙන් තහනම් කරලා තියනවා එම ඉඩමට ඇතුළු වෙන්න. ඒ තහනම තවම ක්‍රියාත්මකයි.”
“ඒ ඉඩම ඇතුළේ මේ ප්‍රසංගය තියන්නේ. මේක කළාම වෙන හානිය තමයි ප්‍රධාන වශයෙන්ම විල්පත්තුව සතුන්ට වෙන බලපෑම. දවස් විස්සක් මේ අය එක දිගට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරනවා, වෙඩි පත්තු කරනවා. දැඩි ආලෝක ධාරා භාවිතය සිද්ධ කරනවා. “
මේ අසල පාසල් දෙකක් තියනවා. ළමයින්ට දවස් විස්සක් පාසල් පාඩුයි. ඊලඟට මේ ප්‍රසංගය හරහා දියත්වන මත්ද්‍රව්‍ය කුඩු ජාවාරම. මේක වළක්වන්න පොලිසිය උත්සාහ කරන්නේ නෑ. ගමට වන හානිය එක්ක තමයි අපි මේ සිද්ධිය ගත්තේ.” ඒකාබද්ධ ගොවි සංවිධානය ප්‍රසංගයට පෙර කීවේය.
ලංකාසර
