30 වැනිදා රටම ඉවරයි.. බැංකු ටික වැටෙනවා... ජනතාවගේ තැන්පතු මුදල් සුද්දයක් දානවා - වසන්ත සමරසිංහ
මෙම තිස්වෙනිදා වන විට රට තුළ දේශීය ණය ප්‍රතිව්‍යුගත කොට අවසන් කළ යුතු බවත් එම ප්රතිව්යුහගත කිරීමෙන් රට තුළ ආර්ථික බිඳවැටීමක් මෙන්ම සමාජ පිපිරීමක් සිදු වීමට නියමිත බව ජාතික ජන බලවේගයෙ විධායක කමිටු සාමාජික වසන්ත සමරසිංහ මහතා පවසයි.
නව රෙගුලාසි හරහා මෙරට බැංකුවල ඇති ජනතාවගේ මුදල් වලට සුද්දයක් දැමීමට සූදානමින් සිටින බවද ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ග හරහා සමස්ථ බැංකු පද්ධතියම බිඳ වැටෙන බව ද හෙතෙම කියා සිටී.
දින පහක් බැංකු නිවාඩු ලබාදී දේශීය බැංකුවලින් රජයේ ලබාගෙන ඇති ණය මුදල්වලින් පොලිය කප්පාදු කිරීමක් හෝ එම ණය මුදල් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් කප්පාදු කිරීමක සැලසුමක් පවතින බව පෙන්වා සමරසිංහ මහතා එම ණය කප්පාදුව තුළින් සමස්ථ රටේ බැංකු පද්ධතියම කඩා වැටෙන බවත් කියා සිටී.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
දින පහක් බැංකු නිවාඩු ලබාදී දේශීය බැංකුවලින් රජයේ ලබාගෙන ඇති ණය මුදල්වලින් පොලිය කප්පාදු කිරීමක් හෝ එම ණය මුදල් සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් කප්පාදු කිරීමක සැලසුමක් පවතින බව පෙන්වා සමරසිංහ මහතා එම ණය කප්පාදුව තුළින් සමස්ථ රටේ බැංකු පද්ධතියම කඩා වැටෙන බවත් කියා සිටී.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
30 වැනිදා රටම ඉවරයි.. බැංකු ටික වැටෙනවා... ජනතාවගේ තැන්පතු මුදල් සුද්දයක් දානවා - වසන්ත සමරසිංහ
2023-06-28T07:42:00+05:30
Lanka Hot News