ෂාෆ්ටර්ගේ මරණයේ රස පරීක්ෂණ අවසන්! කෝල් එක ආ ගමන් රහස් පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ගනී!
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට අදාළව දැනට නිකුත් කිරීමට ඇති සියළුම ඩී එන් ඒ වාර්තා සහ දුරකතන දත්ත වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ වාර්තා විශ්ලේෂණය කර අවසන් බවට රස පරික්ෂක දෙපාර්තමේන්තුව දුරකතනය මගින් දැනුම් දුන් බැවින් එම වාර්තා කැඳවීමට නියෝගයක් ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව අදාළ විශ්ලේෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.
ඒ අනුව අදාළ විශ්ලේෂණ වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය රජයේ රස පරික්ෂකවරයාට නියෝග කළේය.
ෂාෆ්ටර්ගේ මරණයේ රස පරීක්ෂණ අවසන්! කෝල් එක ආ ගමන් රහස් පොලිසිය අධිකරණයෙන් නියෝගයක් ගනී!
2023-06-28T07:51:00+05:30
Lanka Hot News