පාසැල් සිසු සිසුවියන් සඳහා දිවා ආහාරය ලබා දීම හා නිල ඇඳුම් ලබාදීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී උණුසුම් වාදයක පැටලුනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගේ සමයේ සියලුම පාසැල් සිසු සිසුවියන් සඳහා දිවා ආහාරය සහ පාසල් නිල ඇඳුම් ලබා දුන් බවයි.
නමුත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ දිවයිනේ සියලුම පාසල් සිසු සඳහා කිසි දිනෙක දිවා ආහාරය ලබා දී නැති බවත් තෝරාගත් පාසල් වලට පමණක් එම පහසුකම ලබා දී ඇති බවත්ය.
කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යළි කියාසිටියේ 1993 වසරේ දී සියලුම පාසල් සිසු සිසුවියන් සඳහා දිවා ආහාර සහ පාසල් නිල ඇඳුම් ලබා දුන් බවත් ඉන් පසු පැමිණි ආණ්ඩුව එම පහසුකම් නතර කළ බවත්ය.
මේ පිළිබඳව තමන් ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මේ පිළිබඳව තමන් සොයා බලා යළි පාර්ලිමේන්තුවේදී පිළිතුරක් ලබා දෙන බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.