රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේදීත් ඇතමුන් මහ පාරේ ගමන් කරන්නේ වාහන හය හත පිරිවරාගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි අද පාර්ලිමේන්තුවේ දී චෝදනා කළා.
ඔහු පැවසූයේ අද උදෑසන වාහන හතක් පිරිවරාගෙන තරු ගහගත්ත වාහනයක් ගාල්ල දෙසට ගමන් කරන ආකාරය තමන් දුටු බවයි. එම රථය හමුදාපතිවරයාගේ විය හැකි බවට තමන් අනුමාන කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ඔහු පැවසූයේ අද උදෑසන වාහන හතක් පිරිවරාගෙන තරු ගහගත්ත වාහනයක් ගාල්ල දෙසට ගමන් කරන ආකාරය තමන් දුටු බවයි. එම රථය හමුදාපතිවරයාගේ විය හැකි බවට තමන් අනුමාන කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
මෙවැනි දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවේදී එලෙස හැසිරීම පිළිගත නොහැකි බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවැසුවා.
